අන්තර් ජාලය හරහා තේ වෙන්දේසි…
කොරෝනා වසංගතයත් සමග මෙරට ආර්ථිකයට වූ බලපෑම සුළු පටු නොවේ. රටේ ආර්ථිකයට දායකත්වය දක්වන සෑම ක්ෂේත‍්‍රයක්ම පාහේ කොරෝනා වසංගතයත් සමග අඩපණ විය. නිෂ්පාදන හා සේවා කටයුතු ඇන හිටියේය. එහෙත් කොරෝනා වසංගතය මැද මෙරට වැවිලි ක්ෂේත‍්‍රය සිය දායකත්වය රටේ ආර්ථික දේහයට එක් කරනු ලැබීය. ඇඳිරි නීතිය පැවති කාලය තුළදි පවා කොරෝනා අවදානම ගැන නොසලකා වතුකම්කරුවෝ තම දහදිය ශ‍්‍රමය වැය කරමින් වතුවල වැඩ කළහ. ඒ විතරක් නොව වතු කාර්ය මණ්ඩලයද සිය රාජකාරි කටයුතුවල අඛණ්ඩව නිරත වූහ.
කොරෝනා අභියෝගය මැද තේ වතුවල දලූ නෙළන වතුකම්කරුවෝ දලූ කැඩූහ. රබර් කපන අය රබර් කැපූහ. තේ කම්හල්වල නිෂ්පාදන කටයුතු සුපුරුදු ලෙස කරගෙන යනු ලැබීය. කොරෝනා වසංගතය මැද 140,000ක් වූ වතුකම්කරුවෝ හා දසදහසක් වූ වතු කාර්ය මණ්ඩලය සිය ජීවිත අවදානම ගැනද නොතකා සේවාවල නිරතවූහ. කොටින්ම කිවහොත් වතුකම්කරුවන් කොරෝනා වසංගතයත් සමග වතුවල සේවය කරනු ලැබුවේ අවම සෞඛ්‍ය පහසුකම් මැදය. මේ සමග කොරෝනා අවදානම ගැන සලකා ලංකා වතු සේවා සංගමය මගින් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලැබීය. ඒ කොයිහැටි වුවද වාසනාවකට මෙන් වතුකරය තුළ කොරෝනා වසංගතය පැතිර ගියේ නැත. එය ජාතියේ වාසනාවකි.
රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු මෙරට ඇති වැවිලි සමාගම් සංඛ්‍යාව 27කි. මහාපරිමාණ වතු 428 ක් තිබෙන අතර එම වතුවල තේ රබර් පොල් හා කටුපොල් වගාකොට තිබේ. මෙකී මහාපරිමාණ වතුවල විශාල වශයෙන් වගාකොට ඇත්තේ තේ වගාව වන අතර කොරෝනා වසංගතයත් සමග ඇඳීරිනීතිය පැනවු කාලය තුළදී පවා මෙකී වතු වල කටයුතු අඩපණ නොවීය. එපමණක් නොව මෙරට ඇති තේ කම්හල් 600 ක නිෂ්පාදන කටයුතු සිදුකෙරිණි. අපේ තේ කර්මාන්තයට ඇත්තේ වසර 150 ක ඉතිහාසයකි. කොරෝනා වසංගතයක් සමග මෙරට ආර්ථික දේහයට සුවිශාල වු දායකත්වයක් ලබාදෙන අනිකුත් ක්ෂේත‍්‍ර සසල වුවද තේ කර්මාන්තය සසල නොවීය.එය මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන කොඳුනාරටිය බවට පත්විය. 2019 වර්ෂයේ මහබැංකු වාර්තාවට අනුව මෙරට වගාකොට ඇති මුළු තේ වගාබිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 200,000 කි. දලූ කැඞීම සිදුකරනු ලබන බිම් ප‍්‍රමාණය හෙක්ටයාර් 193,000 කි. තේ නිෂ්පාදනය කිලෝග‍්‍රැම් මිලියන 300.1කි.
කොටින්ම කිවහොත් කොරෝනාවත් සමග මෙරට තේ කර්මාන්තයට උදාවූයේ වසන්ත කාලයකි. නිමි තේ කිලෝවක් සඳහා තේ වෙන්දේසිය තුළ ඉහළ මිලක් ලැබුණි. ඒ නිසා තේ දලූ කිලෝවකටද නොසිතු මිලක් ලැබුණි. තේ දලූ කිලෝව රුපියල් 120, 130 දක්වා ඉහළ යනු ලැබිය. කොරෝනාවට පෙර අමු තේ දලූ කිලෝවක් පැවතියේ රුපියල් 80ක් 85 වැනි මුදලකටය. මේ නිසා කුඩා තේ වතු හිමියන්ගේ අතමිට සරුවිය. කොරෝනාවත් සමග අපේ රටේ තේ වලට ලැබුණේ ඉහළ ඉල්ලූමකි. ඒ විතරක් නොව කොරෝනා වසංගතය නිසා මෙරට පළමු වරට තේ වෙන්දේසිය පවත්වනු ලැබුවේ අන්තර්ජාලය හරහාය. නැතිනම් ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. මේ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් මෙන්ම මගපෙන්විම ලබාදෙනු ලැබුවේ වැවිලි කර්මාන්ත ඇමැති දොස්තර් රමේෂ් පතිරණ මහතාය. රමේෂ් පතිරණ ඇමැතිවරයා විවිධ සැලසුම් සකස්කරමින් මෙරට වැවිලි ක්ෂේත‍්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නේය.
එපමණක් නොව කොරෝනාවත් සමග ප‍්‍රතිශක්තිය වඩවන පානයක් හැටියට අපේ රටේ තේ ප‍්‍රචලිත විය. මෙරට තේ වල ප‍්‍රමිතිය එයට එක් හේතුවක් විය. තවද කොරෝනා වසංගතය නිසා ඉන්දියාව අගුල් දැමීමත් කෙන්යාව වැනි රටවල තේ නිෂ්පාදනය අඩුවීමත් සමග ලෝකයේ සෙසු රටවල් අතර අපේ රටේ තේ සඳහා ඇති ඉල්ලූම අධික ලෙස ඉහළ ගියේය. මේ නිසා තේ අපනයන සමාගම් හා තේ කම්හල් අධික ලාභයක් ලැබූහ. කොරෝනාවත් සමග තේ කර්මාන්තයට හොඳ කලදසාවක් උදාවුණද වතුකම්කරුවන්ට ඒ වසන්තය උදා නොවීය. ඔවුන්ගේ ජීවිතවල ඇතුලාන්තය තවමත් අසුන්දරය. වතුකම්කරුවන්ගේ ශ‍්‍රමය සුරාකමින් වතු සමාගම් ඔවුන්ගෙන් වැඩ ගනිති. අති බහුතරයක් වූ වතුකම්කරුවන්ට රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව පවා නොලැබුණි. තම දහදිය ශ‍්‍රමය වතුසමාගම් වෙනුවෙන් කැපකරන වතුකම්කරුවන් සඳහා ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට පවා වතුහාම්පුතුන් කටයුතු කළේ නැත. ඒ කොයිහැටිවුවද කොරෝනාවත් සමග තේ කර්මාන්තය තුළ නව පිබිදීමක් ඇතිවී තිබේ.
1000 ව්‍යාපාරයේ සමකැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා අපට කීවේ මෙවැනි කථාවකි.
”වතුකම්කරුවන්ගේ දෛනික වැටපු රුපියල් 1000 දක්වා වැඩිකරන බවට ආණ්ඩුව පොරොන්දු වුණා. අපේ‍්‍රල් මස වැටුපට එකතුකරන බව කීවත් එම කටයුතු සිදුවුණේ නැහැ. කොරෝනාවත් සමග වැටුප වැඩිකිරීමේ ප‍්‍රශ්නය යට යමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි රජය මගින් කොරෝනාවෙන් විපතට පත් ජනතාවට ලබාදෙන රුපියල් 5000ක් දීමනාව සමස්ත වතුකම්කරුවන්ට ලැබුණේ නැහැ. කොරෝනා වසංගතයත් සමග ඇඳිරි නීතිය තිබියදී වතුකම්කරුවන් අදාළ නිෂ්පාදන කටයුතු කළා. මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නා. අන්තර්ජාලය මගින් කරනු ලැබූ තේ වෙන්දෙසියේ දි තේවලට ඉහළ මිලක් ලැබුනා. මේ සමග වතුසමාගම් විශාල ලාභයක් ලැබුවා. වතුකම්කරුවන් වහලූන් ලෙස තබාගෙන ඔවුන්ගේ ශ‍්‍රමය සුරාකෑම පමණයි වතු සමාගම් කළේ. අපි ආණ්ඩුවට කියනවා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මැදිහත් වෙන්න කියලා. එසේ නොවුනහොත් වතුකරය තුළ විශාල නැගිටීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම මෙම ප‍්‍රශ්නයේ දි රජය, වතු සමාගම්, වතු වෘත්තිය සමිති එක සමානව ක‍්‍රියාත්මක වුණේ නැහැ”. චින්තක රාජපක්ෂ කීවේය.
ලංකා වතුසේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා කොරෝනාවත් සමග වතු ක්ෂේත‍්‍රය තුළ උදාවි ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීවේය.
”තේ වලට හොඳ මිලක් ලැබී තියෙනවා. තේ කර්මාන්තය හොඳ තැනක තියෙනවා. දැනට අපේ රටේ තේ කර්මාන්තයට උදාවි ඇති සුබදායි තත්ත්වය දිගුකාලිනව පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එසේ නොවුනහොත් යළි තේ මිල අඩුවෙලා මේ ක්ෂේත‍්‍රයට අභියෝගයක් වෙන්න පුළුවන්. මේ සඳහා ලහි ලහියේ සූදානම් විය යුතුයි. එමෙන්ම තේ අපනයන සමාගම් අයුතු ලාභයක් ලබනවා. තේ නිෂ්පාදකයාට, තේ ගොවියාට, වතුකම්කරුවන්ට ඒ වාසිය ලැබෙන්නේ නැහැ. වතු කාර්ය මණ්ඩලවල ඇතැමුන් ක්ෂේත‍්‍රයට ගිහින් වැඩ කළා. තවත් කොටසක් නිවසේ සිට වැඩකළා. අපිට වාර්තාවෙලා තියෙනවා වැටුප් කපනවා, නිවාඩු අඩුකරනවා කියා වතු සමාගම් තර්ජනය කරනවා කියලා. දැනටත් පොදු ප‍්‍රවාහන පහසුකම් නැති නිසා වතුකාර්ය මණ්ඩලවල සේවය කරන කාන්තාවන්ට සේවයට වාර්තා කරන්න විදියක් නැති බවද චතුර සමරසිංහ මහතා කීවේය.
මධ්‍ය පරිමාණ වගාකරුවන්ගේ සංගමයේ උප සභාපති උෂාන් සමරසිංහ (ගාල්ල කළුතර) මෙරට වසර 150 ක සිලොන් ටී නාමය රැකගැනිම සඳහා නිරතුරව අරගල කරන අයෙකි.
අන්තර්ජාලයෙන් පැවැත්වු තේ වෙන්දේසියේදි තේ වගාකරුවන්ගේ නියෝජනයක් තිබුණේ නැහැ. ඒ ගැන අපි තේ මණ්ඩලයට පෙන්වා දුන්නා. තේ පනත අනුව නොතැලූණු දලූ ලබාදීම තේ දලූ හිමියන්ගේ වගකීමක්. තේ කර්මාන්ත ශාලාවලට දන්වන්න ඕන ප‍්‍රමිතියෙන් යුතු දලූ ලබා ගන්න කියලා. නමුත් ඒ කටයුතු තේ මණ්ඩලය නියාමනය කරන්නේ නැහැ. තිරයත් පත්තර දෙකක් නොතැලූණු, තිරයත් පත්තර දෙක සමග නොමේරු දලූ ලබා දුනහොත් උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කරන්න පුළුවන්. අපි සියලූ දෙනා තේ පනත අනුව කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් කසළ තේ නිෂ්පාදනයත් අඩුවෙනවා. අනික් කාරණය තමයි මිල සූත‍්‍රයට අනුව වගාකරුවාට දලූ සඳහා මිල නොගෙවීම. වගාකරුවාට මිලසුත‍්‍රය ගැන දැනගැනීමට අයිතියක් තියෙනවා මේ තුළින් වංගු ගහන එක වැරදියි. තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා යෝජනාවලියක් අපේ සංගමය මගින් හදලා බලධාරීන්ට යවලා තියෙනවා. තේ වගාකරුවන් හිඟා කාපු කණ්ඩායමක් නෙවෙයි. නිහඬ සේවාවක් කළා. තේ වගා කළ හැකි ඉඩම් විශාල ප‍්‍රමාණයක් මෙරට තියෙනවා. තේ වගාබිම් ප‍්‍රමාණය වැඩිකළ යුතුයි. තේ වෙන්දේසිය ඩිජිටල්කරණය කිරීමත් සමග අපේ තේ කර්මාන්තය ඉදිරියට ගියා. නිමි තේ කිලෝවකට හොඳ මිලක් ලැබුනා. නමුත් දැනට අමු දලූ කිලෝවක් සඳහා තියෙන මිල 92 දක්වා පහත වැටුනහොත් තේ කර්මාන්තය කඩාවැටිමකට ලක්වෙනවා. තේ වගාකරුවන් තේ කම්හල්කරුවන් දිරිමත් කළ යුතුයි. වතු කම්කරුවන් අමතක කළයුතු නැහැ.
ලංකා වැවිලි සේවා සංගමය මෙරට වතුකම්කරු ප‍්‍රජාව නියෝජනය කරන වෘත්තිය සමිතියකි. එම සංගමයේ සභාපති ස්ටැන්ලි ගල්හේන මහතා වතුකම්කරු ප‍්‍රජාව ගැන කීවේ මෙවැනි කථාවකි.
”වතුකම්කරුවන් ස\හා දිනපතා වැඩ ලබා දෙන්නේ නැහැ. ඉරිදා දින 04 හැරුණු විට මාසයේ අනික් දිනවල මේ අයට වැඩ ලබාදිය යුතු වෙනවා. නමුත් නියම වැඩකරන්න මාසයේ නියම දින ගණන අදාළ සමාගම් මගින් ලබාදෙන්නේ නැහැ. දෛනික වැටුප් ලබන වතු සේවකයන් රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබා දුන්නේ නැහැ. වතුකම්කරුවන් කොරෝනා තර්ජනය හමුවේ වැඩ කළා. අපි ඉලන්නේ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන්න කියලා”.
තේ කම්හල් කළමනාකරුවකු වන උදාන ජයසේකර මහතා මෙසේ කීවේය.
”කොරෝනාවත් සමග තේ වෙන්දේසියේදි අසාමාන්‍ය ලෙස තේ මිල ඉහළ ගියා. චීනය හා කෙන්යාවේ තේ නිෂ්පාදනය අඩුවීම, ඉන්දියාව අගුල් දැමීම මේ සඳහා බලපෑවා. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යෑම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඉන්දියාවේ තේ නිෂ්පාදනය වුණේ නැහැ. යළි ඉන්දියාව තේ නිෂ්පාදනයට ආ පසු තරගයක් ඇතිවෙනවා. ඒ නිසා තේ මණ්ඩලය කළ යුත්තේ දැනට වෙළඳපොළ ඇතිවෙලා තියෙන තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමට වැඩපිළිවෙළක් සකස් කිරීමයි. මිල සුත‍්‍රය අනුව නිමි තේ කිලෝවට ලැබෙන මිල අනුව ඉන් සියයට 68ක් තේ දලූ හිමියාට ලැබෙනවා. උදහරණයක් වශයෙන් ගතහොත් අමු තේ දලූ කිලෝ 100 කින් නිමි තේ කිලෝ 21 මාරක් නිෂ්පාදනය කළ යුතු වෙනවා. තේ කර්මාන්තශාලා වලින් කුඩා තේ වතු හිමියන්ට අසාධාරණයක් වුණේ නැහැ. තේ දලූවලට හොඳ මිලක් ලැබුනා”. යැයිද ජයසේකර මහතා කීවේය.
ලලිත් චාමින්ද
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...