විදේශ පුවත්

පොලීසිය අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී එහි උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (13) මෙම මරණය සිදුව ඇත්තේ පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකිනි. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු සමග පොරබැද ඔහු සතු ගිනි අවියද පැහැර ගෙන යාමටද තැත් කර ඇති බවය. අමෙරිකානු පොලිස් නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ මේ වසරේදී වාර්තා පළ වන 48 වන අවස්ථාවද මෙයය.

මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවන්නත් මත්තෙන් ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ වී ඇති බවය. මෙම විරෝධතා පැවැත්වෙන්නේ ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ ඝාතනයෙන් පසු ආරම්භ වූ විරෝධතා උණුසුම් මුහුණුවරක් ගනිමින් තවදුරටත් අමෙරිකාවේ මෙන්ම ලොවපුරා රටවල් රැසක ද පැවැත්වෙමින් තිබියදී වීම විශේෂත්වයකි.

— Neth News —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More