ඕනෑම රටක කිසියම් ප්‍රමාණයකට තමන්ගේ රටේ ස්වාධිනත්වය ආරක්ෂා කරගෙන දේශපාලන ආර්ථික වශයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් ජාත්‍යන්තරයේ සියලු දේවල් වලට අනුගත වී කටයුතු කරන්නට යැමෙන් රටේ ස්වාධිනත්වය නැති වී යන බවත් එබදු තත්වයකට දැන් පත්වි ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පවසති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා (25දා) මහනුවරට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක අණමඩුවේ ධම්මධස්සි නාහිමියන් මෙසේද පැවසූහ.
අපි කළ යුතුතේ ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය,මානව හිමිකම් කොමිසම ආදි දේවල් ඒවත් ඒකාබද්ධ කරගෙන ඒවටත් අනුමැතියක් අනුග්‍රහයක් දක්වමින් තමා යන්න අවශ්‍ය. නමුත් ඒ නිසා අපේ සියලු ස්වාධිනත්වයන් නැති වෙලා යනවනම් රටක් ගෙනයාමට නොහැකියි.
දැන් මට පේන විදිහට පහු ගිය රජයේ නොයෙක් විදිහේ දෝෂාරෝපණ චෝදනා ඉදිරිපත් කරළ මේ රජය බලයට පත්වුණායින් පසු පමණට වඩා අන්තර් ජාතික ජාත්‍යන්තරයේ නොයෙක් විදිහේ සංවිධාන වල බලපෑම් වලට යටත් වෙලා යන ගතියක් පේනව.
ඇත්ටම රජය පිල් දෙකක් ජනාධිපතිතුමා නිතර කියන දෙයක් තමා අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බිහිකරගන්න ඕන කියල. මෙලෙස ඒකාබද්ධ වෙලා යමින්ම කියනව,රනිල් වික්‍රමිංහ අගමැතිතුමා කියනව අපිට එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකරගන්න ඕන කියල. එතකොට මේ දෙගොල්ලො එකමුතු වෙලා ඉදීම බොරුවක් බව පේනව. ඒ ඇත්තන් එකමුතු වෙලා හිටියත් ඒ දෙපක්ෂයේ අදහස වෙලා තියෙන්නෙ වෙන් වෙලා තමන්ගෙ රජයක් පිහිටුවන්න. ඒකෙන් මේ ඒකාබද්ධ වීම නැතිවී යෑම.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...