දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බූදය හා ජිනීවා අරගලය යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ඉතාලි ශාකාවක් මගින් සංවිධානය කරනලද සම්මන්ත්‍රණයක් ඉතාලියේ වෙරොනා නගරයේදි මාර්තු 24දා පැවැත්වුන අතර එහි ආරාධිත දේශකයින් වූයේ එකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහපෙරුම, ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ සබාපති වසන්ත කීර්තිරත්න , දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා සහ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකරය.

අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාස භංගයේ අවසාන ප්‍රථිපලය කුමක් වුවත් එය හරහා යහපාලන හවුල් ආන්ඩුවේ 2/3 බලය නිසැකවම බිද වැටෙන බව පැවසීය.

විශ්වාස භංගය පරාජය කිරීම සදහා උදව් කරන පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුගේ ලංසුව අද රුපියල් කොටි 10 ක් බව පැවසූ අලහපෙරුම මහතා යලි කිසිදිනක චන්දයක් දිනා පාර්ලිමේන්තුවට එන්නට බැරි බව දන්නා සමහර මංත්‍රීවරුන්ට මෙය අතහැරිය නොහැකි අවස්ථාවක් බව පෙන්වාදුන්නේය.

ඒ කෙසේ වෙතත් නිසැකවම යම් ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විශ්වාස භංගයට පක්ෂව චන්දය පාවිච්චි කරනු ඇතිබවට ඔහු විශ්වාසය පලකලේය.

ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ පලමුව එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවත් ජනාධිපතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය 2019 දෙසැම්බර් 8 දා බවත්ය.

ප්‍රභාකරන්ටවත් දිනා ගත නොහැකිවූ ඊලාම් දේශය ලබා දීමේ අඩිතාලම නව ව්‍යවස්ථාවක් හරහා සකස්කරදෙන්නට කැස කවන වත්මන් දුර්දාන්ත රජය පලවා හැරීමට ලැබෙන පලමු අවස්ථාව මග නොහරින ලෙස ඔහු ඉල්ලා සිටියේය.

කපටි දේශපාලකයින් විසින් ජාතිවාදය ඇවිස්සීම හරහා සුලු ජාතික චන්ද යහපාලනය බලයට ගෙනඒමට භාවිත කල සැටි මතක් කල ඔහු බලල් අත් වලින් හසුරවන ලබන ජාතිවාදී උගුලට යලි අසුවී සැබෑ දේශද්‍රෝහීන් පලවා හැරීමට ලැබෙන මීලග අවස්ථාවත් අහිමි නොකරගන්නා ලෙස තම ශ්‍රී ලාංකික නෑ හිත මිතුරන් දැනුවත් කරන මෙන් ඔහු ඉල්ලා සිටියේය.

වසන්ත කීර්තිරත්න මහතා පෙන්වා දුන්නේ දෙමල ඩයස්පෝරාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල වසර ගනනාවක් පුරා පතුරවමින් සිටි බොරු වලට දැන් ගෝලීය ශ්‍රී ලංකික සංසදය හරහා පිලිතුරු ලැබෙමින් තිබෙන බවය. ලොව පුරා සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ට ගෝලීය ශ්‍රී ලාංකිය සංසදය හා එක්වන මෙන් ඔහු ආරාධනය කලේය.

කොටි ත්‍රස්තවාදීන් විසින් එදා සිංහලයින් අමු අමුවේ ඝාතනය කරද්දී ලංකාව දෙස ඇස් ඇර නොබැලු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හදිසියේම ලංකාව මතක් වී ඇති බව පැවසූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකරන අසාධාරණ ක්‍රියාපිලිවෙතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇති ඉඩකඩ මේ දිනවල සොයාබලන බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More