ඉන්දියානු රංගන ශිල්පී සුෂාන්ත් සිං රාෂ්පුත් මහතා ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි තම නිවසේදී ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තාවේ.රංගන ශිල්පී සුෂාන්ත් සිං රාෂ්පුත් මිය යනවිට 34 වන වියේ පසුවූ බව පැවසේ. බොලිවුඩ් සිනමාවට “කායි පොයි චේ” චිත්‍රපටය මගින් අවතීර්න වූ සුෂාන්ත් සිං එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේය.
එතැන් පටන් ඔහු බොලිවුඩ් චිත්‍රපට ගණනාවකටම රංගනයෙන් දායක විය. සුෂාන්ත් සිං රංගනයට අවතීර්න වූයේ රූපවාහිනි මාලා නාටක ඔස්සේ වන අතර ඔහු අවසන් වරට රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපටය වූයේ “Chhichhore” චිත්‍රපටයයි. ඔහු රඟපෑ “ඩිල් බෙචාරා” චිත්‍රපටය කෝවිඩ්19 වෛරසය ඉන්දියාව පුරා පැතිරී යාම හේතුවෙන් ප්‍රදර්ශණය අත් හිටවනු ලැබීය.
සුෂාන්ත් සිං ඉන්ජිනේරු උපාධිධාරියෙකු වන අතර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ජාතික ඔලිම්පියාඩ් ශූරතාවයද හිමි කර ගත් අයෙකු වන්නේය.පුෂ්පාන්ත් සිං ඔහු රඟපෑ ” M.S Dhoni :Untold Story “චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් චිත්‍රපට සම්මාන උළෙලෙ හොඳම රංගනය වෙනුවෙන් නම් කරනු ලැබීය.සුෂාන්ත් සිංගේ හිටපු කළමනාකරු දීෂා සලේන් පවසා සිටින්නේ ඔහු පසුගිය 8වෙනිදා ද තමා පදිංචිව සිටින මහල් නිවාසයෙන් පහලට පැණීමෙන් සිය දිවි හානි කර ගැනීමට උත්සහා කළ බවයි.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා රංගන ශිල්පී සුෂාන්ත් සිං රාෂ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබමින් පවසා සිටියේ “දීප්තිමත් රංගන ශිල්පියෙකු ඉක්මනින් නික්ම ගියා” යනුවෙනි.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...