අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමබන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගයේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය බොහෝදුරට අග්‍රාමාත්‍යවරයා වෙත ලැබෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු සඳහන් කරසිටියේ අග්‍රාමාත්‍යවරයාට සහාය පළකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රින් හා දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රින් අතර නිලනොවන මට්ටමින් සාකච්ඡා මෙ වනවිට පැවැත්වෙමින් තිබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...