මෙතෙක් කලක් කටකතාවක් ලෙස පැතිර යමින් තිබූ ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු හමුදා ආපසු කැඳවනවාය යන මතය පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්‍යය බවට තහවුරු කරන ලද බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.ඒ අනුව ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු හමුදා භට ප්‍රමාණය වන 34,500න් භටයන් 10,000ක් ආපසු කැඳවීමට නියමිත බව වාර්තාවලින් පැවසේ.
ජර්මනියෙන් ආපසු කැඳවන හමුදා භටයන් නැවත අමෙරිකාවට පැමිණෙනවාද නැතහොත් නේටෝ සංවිධානයට අයත් වෙනත් රටක ස්ථානගත කරනවාද යන්න පිළිබඳව නිෂ්චිත තොරතුරක් මාධ්‍යය වෙත වාර්තා වී නැත.අමෙරිකානු ජනාධිපතිවරයා මෙවැනි තීන්දුවක් ගැනීමට බලපාන ප්‍රධානම කාරනය වන්නේ ජර්මනිය විසින් නේටෝ සංවිධානයට ගෙවිය යුතු අරමුදල් ගෙවීම දිගින් දිගටම ප්‍රමාද කිරීම හෙයින් බව මාධ්‍යය වාර්තා කර සිටී.
මේ අතර යුද විශ්ලේෂකයන් පවසා සිටින්නේ හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ගේ නිල කාලය තුළ නේටෝ සංවිධානයේ සාමාජික රටවල් තම දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් ආරක්ෂක පිරිවැය සඳහා යෙදිය යුතු බවට කරනු ලැබූ ඉල්ලීම පිළිගැනුනු ලැබූවද මෙතෙක් එය ඉටුකරනු ලැබූවේ ඉතාම සුළු රටවල් කිහිපයක් බවයි. නමුත් ජර්මනිය එම රටවල් ගොන්නට ඇතුළත් නොවන බවද යුද විශ්ලේෂකයන්ගේ මතයයි.ජර්මනිය දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් යුදමය කටයුතු සඳහා වෙන් කිරීමට 2031 වන තෙක් කල් ඉල්ලා ඇති අතර අමෙරිකාව එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අමෙරිකානු හමුදා දෙවන ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය කළ 1945 වසරේ සිටම ජර්මනියේ රැඳී සිටින අතර පසු කාලයේදී නේටෝ සංවිධානයේ හමුදා ලෙස අමෙරිකා යුද භටයන් ජර්මනියේ රැඳී සිටිති. 1991 වර්ෂයේදී නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය නැවත එකතු වූ විට සමස්ත ජර්මනියම ආවරනය වන ලෙස අමෙරිකානු හමුදා ජර්මනියේ රැඳී සිටිති.
ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com
මූලාශ්‍ර – www.rt.com/news
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...