කොවිඩ් සාර්ථකව මර්දනය කළ රාජ්‍යයක් ලෙසින් සැලකෙන චීනයෙන් ඊයේත් නව ආසාදිතයින් 40දෙනෙකු හදුනාගැණුනි.
පවතින තත්ත්වය සලකා චීන විශේෂඥයින් පෙන්වාදෙන්නේ, ඉදිරි තෙදිනක කාලය චීනයට ඉතාමත් තීරණාත්මක කාලයක් බවය.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 81 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ ගණන දැක්වුණේ 439,051 ක් ලෙසය.
කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක ලෙසින් මර්දනය කළ රාජ්‍යයක් ලෙසින් පැසසුම් ලැබූ චීනයේ කොවිඩ් දෙවැනි රැල්ලක අවදානමක් උද්ගතව ඇත්තේ බීජිං අගනුවර ප්‍රසිද්ධ වෙළෙඳපොළකින් නව ආසාදිතයින් පොකුරක් හදුනාගැනීමත් සමගින්ය.
ඒ අනුව ගතවූ දිනයේදීත් එරටින් නව ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගැණුනේ නව අර්බුදයක් නිර්මාණය කරමින්ය.
මීට පෙර ගතවූ සති 7 පුරා බීජිං නගරයෙන් හමුවූ ආසාදිතයින් සියලුදෙනාම විදෙස් රටවලින් පැමිණි පිරිස් පමණය.
මේ අතර උද්ගතව ඇති තත්ත්වය බරපතළ ලෙසින් සලකමින්, යුද සමයේ ක්‍රියාත්මක ක්‍රමවේද භාවිත කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ යටතේ නව ආසාදිත පොකුර හදුනාගත් ෂින්ෆාඩි තොග වෙළෙඳපොළ මුළුමනින්ම වසාදමා එහි හමුදා අනුඛණ්ඩයක් ස්ථාපනය කර කොවිඩ් මැඬලීම රජයේ අපේක්ෂාවය.
එබැවින් ඉදිරි තෙදිනක කාලය චීනයේ කොවිඩ් සටනේ අතිශය වැදගත් කාලසීමාවක් වනු ඇති බවද විශේෂඥයින් අනාවැකි පළ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...