ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු ඇති වූ විරෝධතා රැල්ල, එක්සත් ජනපදයේ ගැඹුරු අභ්‍යන්තර අර්බුද හෙළි කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දෙයි.
2016 දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ දා සිටම, දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ තත්ත්වය මේ ආකාරයෙන් පැවතුන බව ඔහු තවදුරටත් පවසා සිටියේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට යටත්ව කටයුතු කිරීමට ඩිමොක්‍රටික පාක්ෂිකයන්ගේ ඇති අකමැත්ත මෙයින් පිළිබිඹු වෙන බව ඔහු පවසා සිටියේය.
“ට්‍රම්ප් ධවල මන්දිරයේ සිය ආසනය දිනා ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පරාජිත විරුද්ධ පාර්ශවය ඔහුගේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න කිරීමට සුරංගනා කතා ඉදිරිපත් කළේය”
“මෙහි ඇති ගැටලුව නම් පක්ෂ අවශ්‍යතා මුළු සමාජයේම අවශ්‍යතාවන්ට හා ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා ඉදිරියෙන් සිටීමයි.”
යනුවෙන් Russia 1 නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේය.
එමෙන්ම කොවිඩ් -19 අර්බුදය සහ විරෝධතා අතරතුර ට්‍රම්ප් ගත් තීරණ සමහර එක්සත් ජනපද ආණ්ඩුකාරවරුන් නොසලකා හැර ඇති ආකාරය ගැන තමා පුදුමයට පත්වන බව පුටින් පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ පාලනය වන බවත්, ඔවුන් තෝරා පත් කර ගන්නා උත්තරීතර අධිකාරිය, විධායක ආයතනවල වැඩ කටයුතු ජනගහනයේ අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා සහතික වන අයුරින් පිහිටුවීමට සෑම අයුරින්ම කටයුතු කළ යුතු බවත් ඇති ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මූලාශ්‍ර
www.rt.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...