ව්‍යාපාරික පුවත්

පැවැති ආණ්ඩුව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සකස්කර තිබූ ඩොලර් බිලියන 7.02ක් වත්මන් ආණ්ඩුව විදේශ ණය ගෙවීම සඳහා ලබා ගැනීමට යන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සමගි ජන බලවේගය ප‍්‍රධාන කාර්යාලයේදී  පැවැති මාධ්‍යය හමුවකදී රණවක මහතා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ කෝවිඞ් වසංගතයෙන් පසුව අපේ රටේ සෑම පුද්ගලයෙක්ම සෑම අංශයක්ම මූල්‍යය අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. බොහෝ දෙනෙකුට ආදායම් වගේම තවත් අයට තමන්ගේ රැුකියා අහිමිවීම් වෙලා තිබෙනවා. ඒතුළ බොහෝ දෙනෙකු අද තමන්ගේ මූලික ආහාර සපයා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

ඒ වගේම රට තුළ බරපතල ලෙස ඖෂධ හිගයක් තිබෙනවා. අද මුදල් දී හෝ ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒ වගේම බැංකුවලින්, ලීසිං සමාගම්වලින්, සීට්ටුවලින් නිවාස වලට උපකරණ ගන්න, වාහන ගන්න වගේම ව්‍යාපාර වලට ණය ගත්තු බොහෝ දෙනෙක් අද දරුණු ණය කාරයෝ බවට පත්වෙලා.

එහි උච්චතම අවස්ථාව තමයි සුනිල් ජයවර්ධන මහතාව ලීසිං සමාගම්කාරයින් විසින් පහර දී මරා දැමීම. ඒ වගේම මේ විදිහට බැට කාලා සිටින ජනතාවට ආණ්ඩුව සහන දෙන්නේ නෑ. හැම පැත්තකින්ම බදු අය කරගෙන යනවා. ඛනිජ තෙල් මිල අඩියටම ලෝක තෙල් වෙළෙඳපොලේ වැටිලා තිබුණත් සහගහන විදිහට තෙල්වලින් මේ ආණ්ඩුව බදු අය කරගන්නවා. ඒ වගේම ගල් අගරු මිල වැටිලා තිබෙන වෙලාවක මාස කිහිපයක විදුලි බිල එකපාරටම එවලා සහගහන විදුලි බිල් හදලා එවනවා. ජල බිලත් මාස කිහිපයක ඒවා එකපාර එවලා ජනතාව පීඩාවට පත් කරලා තිබෙනවා.

පුද්ගලයින් වශයෙන් එහෙම වෙද්දී රටක් ලෙසත් අපි විශාල අර්බුදයකට වැටිලා තිබෙනවා. ජනාධිපති තුමා ජනතාවට සහන ලබා නොදුන්නත්

පසුගිය දෙසැම්බර් 01 දා සිට ධනපතියන්ට බදු සහන ලබා දුන්නා. ඒ නිසා ආණ්ඩුවේ ආදායමෙන් තුනෙන් එකක් අහිමි කර ගත්තා. ඊළගට ආණ්ඩුවේ ණය ගැතිභාවය කොතරම්ද කියනවා නම් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් කිව්වා ණය ගෙවන්න විදිහක් නෑ අවුරුදු 03 ක සහනයක් දෙන්න කියලා.

අපේ ආණ්ඩුව කාලේ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඩොලර් බිලියන 7.2 ක් විදේශ සංචිත විදිහට සකස් කරලා තිබ්බා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන සිදු කරන්න. තෙල් , ඖෂධ, ආහාර සහ පොහොර වැනි දේ ගෙන්වන්න. දැන් මේ ආණ්ඩුව අපි හදපු ඒ සංචිතය භාවිතා කරලා ණය ගෙවන්න යනවා. මේක ඇත්තටම ගිය ආණ්ඩුවට බැන බැන ඒ ආණ්ඩුව හදපු සංචිතවලින් අත්‍යවශ්‍ය ආනයනවලට මුදල් වෙන් කරන්නේ නැතුව ණය ගෙවන්න යනවා.

ඒ වගේම මේ වන විට අපේ රටට ණය ලබා ගැනීම දුෂ්කර වන දරුණු ඛේදවාචකයන්ට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන්ම ජපානය කියන්නේ අපෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී බාධාවක් නැතිව අපිව කොල්ලකන්නේ නැතුව උදව් කරපු රටක්. රටක් ලෙස ණය හා ප‍්‍රදාන ලබා දීපු රට තමයි ජපානය. ජයිකා ආයතනය. මේ ජපානය අපිට ලිපියක් එවනවා අගමැති තුමාට.

ඒ ලිපිය මගින් කියනවා, විදුලි බල අමාත්‍යංශයේ හානිපූර්ණ ව්‍යාපෘතිය නතර කරනවා නැවත දැනුම් දෙනතුරු කියලා.

ඒ වගේම එහි දෙවැනියට කියනවා රජයේ නව මූල්‍ය නව ප‍්‍රතිපත්තියත් ණය ගැතිභාවය ගැනත් ජපාන රජය දැඩි අවධානය දක්වලා තිබෙනවා. ඊට අමතරව අපේ ආණ්ඩුව ණය ආපසු ගෙවන්න අමතර කාලයක් ඉල්ලලා තිබෙනවා. ඒ වගේම නව විදුලි බලාගාරයක් කෙලවරපිටියේ ඉදිකරන්න ණය ඉල්ලලා තිබෙනවා. ලංකාවේ ණය ගැතිභාවය සහ සැහැල්ලූ දුම්රිය පද්ධතිය සහ රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න කියලා.

මේ ජපානය කියලා තියෙන්නේ මේ රජයේ ¥ෂිත විදිහේ මූල්‍ය ප‍්‍රතිපත්තියත් ණය ගැතිභාවයත් හින්දා ජපානය කල කිරිලා ඉන්නේ කියලා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More