කාෂ්මීරයේ උතුරු ප්‍රදේශයේ ගල්වාන් නිම්නයේ චීනය සහ ඉන්දියාව අයිතිවාසිකම් කියන ප්‍රදේශයේදී ඉන්දීය දේශ සීමා ආරක්ෂක සෙබළුන් සහ චීන දේශ සීමා ආරක්ෂක සෙබළුන් අතර සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙහිදී ඇතිවූ ගැටුම් වලින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු මිය ගිය බව ඉන්දීය යුද හමුදාව ප්‍රකාශ කර සිටියි.එහෙත් චීනය තම සෙබළුන්ට සිදුවූ හානි සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මේ දක්වා කර නැත.
කෙසේ වුවද ඉන්දීය යුද හමුදාව මුලින් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය හමුදාවේ එක් නිළධාරියෙක් සහ සොල්දාදුවන් දෙදෙනෙකු පමණක් මිය ගිය බවයි. ඊයේ(16) සවස් වරුවේ ඉන්දීය යුද හමුදාව නිකුත් කළ ප්‍රකාශයක් මගින් අනාවරණය වූයේ ගැටුමෙන් දරුණු ලෙස තුවාල ලැබූ ඉන්දීය සෙබළුන් 17 දෙනෙකු මුහුදු මට්ටමෙන් ඉහළ උසකදී සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවේ උෂ්නත්වයට වඩා පහළ උෂ්නත්වයකට නිරාවරණය වීම හේතුවෙන් මිය ගිය බවයි.
තවද ඉන්දීය මාධ්‍යය වාර්තා කර සිටියේ චීන මහජන ආරක්ෂක හමුදාවේ සෙබළුන් 43 දෙනෙකුට වඩා ගැටුම හේතුවෙන් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි.නමුත් බෙයිජිං පාලනය කිසිදු නිවේදනයක් ගැටුම සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් කර නැත. ඉන්දියාව, ගැටුම හටගත් ප්‍රදේශය නැගෙනහිර ලඩාක් ප්‍රදේශය ලෙස හඳුන්වන අතර චීනය මෙම ප්‍රදේශය අක්සායි චින් ප්‍රදේශය ලෙස හඳුන්වයි.
චීනයේ ක්සයිජින් පළාත සහ ට්බෙටය යා කරන දුම් රිය මාර්ගය වැටී තිබෙන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව වන අතර චීනය සහ ඉන්දියාව දේශ සීමා ප්‍රශ්නය මුල් කරගෙන 1962 මසක් තිස්සේ යුද වැදුනු අතර එවකට ශ්‍රී ලංකාවේ අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැදිහත්වීමෙන් චීනය සහ ඉන්දියාව යුද ගැටුම නවතා දමනු ලැබීය.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...