දේශීය පුවත්

යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේදී ආවා කල්ලියේ හිටපු ප්‍රභල සාමාජිකයෙකුගේ වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ඊයේ (25) රාත්‍රියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කොට පලාගොස් ඇති බවට යාපනය පොලීෂිය කියා සිටියේය.

කන්කසන්තුරෙයි මාර්ගයේ වඩක්කොඩ්ඩෙයි මන්සන්ධියේ පිහිටි ඇලුමිනයම් සවිකරන වෙළඳසැලටකට ඊයේ (25) රාත්‍රි 7ට පමණ පෙට්‍රල් බොම්බ ප්‍රහාර දෙකක් කිසියම් පිරිසක් එල්ල කොට පලා ගොස් ඇති අතර එල්ල කරන ලද පෙට්‍රල් බොම්බ ප්‍රහාර දෙකෙන් එක් බොම්බයක් පිපිරීමෙන් වෙළඳසැලට සුලු හානි සිදුව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

මොහොමඩ් ඉක්ක්‍රාම් නැමති හිටපු ආවා කල්ලි සාමාජිකයා මේ වන විට ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් බන්ධනාගාරගතව සිටින අතර ඔහුට අයත් වෙළඳසැලෙහි මේ වන විට ඔහුගේ පියා බලාගන්නා අතරතුර මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වී ඇත.

අදාල බොම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ඊයේ දින ඉරිදා නිවාඩු දිනයක් බැවින් වෙළඳසැල වසා කිසිවෙකුත් නොසිට ඇති අතර බොම්බ ප්‍රහාරය එල්ල කළ තැනත්තන් සොයා මේ වන විට යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More