ප්‍රවීණ ආර්ථික විද්‍යා විශේෂඥ Stephen Roach පසුගිය සතියේ බ්ලූම්බර්ග් සඳහා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අනෙකුත් ප්‍රධාන මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම 35% කින් පහත වැටීම ඉදිරි වසරවලදී සිදුවිය හැකි බවයි.
යේල් විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු සහ මෝගන් ස්ටැන්ලි ආසියා සමාගමේ හිටපු සභාපති වන මොහු අනතුරු අඟවා ඇත්තේ ඇමරිකානු ඩොලරයට ඉදිරි අනාගතය එතරම් සාර්ථක නොවන බවයි. නුදුරේදීම ඩොලරය “ඉතා තියුනු ලෙස පහත වැටෙනු ඇති” බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගියදා රෝච් එක්සත් ජනපද ආර්ථිකය ගැන සඳහන් කරමින් කියා සිටියේ “දිගු කලක් තිස්සේ සැලකිය යුතු අසමතුලිතතාවයන්ගෙන් එය පීඩා විඳි බවයි, එනම් ඉතා අඩු දේශීය ඉතුරුම් අනුපාතයක් තිබීම සහ නිදන්ගත ජංගම ගිණුම් හිඟයක් පැවතීම” ඩොලරයේ බිඳවැටීමට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවයි.
“ඉදිරි වර්ෂවල රාජ්‍ය මූල්‍ය හිඟය පියවා ගන්නා විට මෙම තත්ත්ව ඉතා නරක අතට හැරෙනු ඇති” බව ප්‍රවීණ ආර්ථික විශේෂඥයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඩොලරයේ කඩාවැටීම සැබවින්ම නොවැළැක්විය හැකි බවත්, ඉදිරි වසර කිහිපය තුළ එය සිදුවිය හැකි බවත් රෝච් තර්ක කළේය. ආර්ථික වර්ධනය නිශ්ශබ්දව එකතැන තිබියදී, මිල තියුනු ලෙස ඉහළ යන විට ඩොලරයේ බිඳවැටීම අර්බුදයකට තුඩු දිය හැකි යැයි, ඔහු කනස්සල්ල පළ කළේය.
මූලාශ්‍ර
sputniknews.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...