විදේශ පුවත්

නවසීලන්තයෙන්   කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගම එවැනි ආසාදිතයින් නීරෝධායන ක්‍රියාවලිය මගහැර යාම වැළක්වීමේ අරමුණින් රටේ සමස්ත කොරෝනා මර්දන නීරෝධායන ක්‍රියාවලිය හා වසා දමා ඇති දේශසීමාවන්හි ආරක්ෂාව අධීක්ෂණය කිරීමේ කාර්යය නවසීලන්තයේ හමුදාවන්ට  (17දා )  පවරා තිබේ.

මේ අනුව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් නවසීලන්තයේ තිබෙන සියලු කොරෝනා  නීරෝධායන මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම  හා කළමනාකරණය කිරීමේ කාර්යය සඳහා ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානියා වන ගුවන් කොමදෝරු ඩිග්බි වෙබ් ව පත් කර ඇති බව  වාර්තා විය. ගුවන් කොමදෝරු වෙබ් විසින් නීරෝධායනය වන පුද්ගලයින් අතුරින් එම ක්‍රියාවලිය අතරතුර විශේෂිත ජෙතුන් මත නීරෝධායනයෙන්  ඇතැමුන්ව ඉවත් කිරීමේ ක්‍රියාවලිය   පිළිබඳවද අධීක්ෂණය කරනු ඇති බව අගමැතිනිය පවසන්නීය.

නවසීලන්ත අගමැතිනිය විසින් එරට  නීරෝධායන ක්‍රියාවලිය පිළිබඳව විගණනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර  දේශ සීමාවන්හි ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු අමතර පියවර ඇත්නම් ඒවා ක්‍රියාත්මක කරන බවද අවධාරණය කර තිබේ.”අප විසින් ප්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීමෙන් අත් කර ගත් ජයග්‍රහණය අපතේ යාමට  ඉඩ දිය නොහැක්යි ,රටට පැමිණෙන කිසිදු ආසාදිත පුද්ගලයෙකුට විශේෂිත තත්ත්වයක් යටතේ නීරෝධායනය  අතරමග නවත්වා යාමට ඉඩ නොදිය යුතුයි ”  අගමැතිනිය කීවාය.

මරණාසන්නව සිටි පවුලේ සාමජිකයෙකු බැලීම සඳහා එංගලන්තයේ සිට නවසීලන්තයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට නීරෝධායානයට ලක් වෙමින් සිටියදී ඉන් මිදී යාමට සැළැස්වීම හේතුවෙන් ඔවුන්  රට තුළ සැහෙන දුරක් ගමන් කර තිබු අතර පසුව ඔවුන් කොරෝනා ආසාදිතයින් බව පරීක්ෂණවලින්  (16දා ) තහවුරු කර  තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More