ඇමේසන් වනාන්තරයේ වාසය කරන ස්වදේශිකයින් කණ්ඩායමක නායකයා වන පවුලින්හෝ පයිකාන් කොරෝනා ආසාදනයට ගොදුරු වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
“කයාපෝ ” නමැති ස්වදේශික කණ්ඩායමකට නායකත්වය සපයා ඇති 65 හැවිරිදි පවුලිනෝ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසිද්ධියට පත් වුයේ 1989 දශකයේදී ලොව තුන්වැනි විශාලතම වේල්ල වන බ්‍රසීලයේ “බෙලෝ මොන්ටේ ” ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට එරෙහිව සටන් වැදීම හේතුවෙනි.
කෙසේ වුවද පවුලිනෝ හට 1998 වසරේදී 18 හැවිරිදි දැරියක් දුෂණය කිරීමේ චෝදනාවක් එල්ල වූ අතර ඔහුගේ බිරිය එම සිද්ධියට ආධාර දුන් බවටද තොරතුරු පළ කෙරිණි. ඔහුගේ අනුගාමිකයින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ මෙම චෝදනා ගොතන ලද්දක් බවත් ඒ හරහා පවුලිනෝගේ ගරුත්වයට හානි සිදු කර ඔහුව නිහඩ කිරීමට විරුද්ධවාදීන් තැත් කරන බවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...