ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සවිබල ගැන්වීමට ලබා දෙන ඇමරිකන් ඩොලර් මිලියන 15ක ප්‍රතිපාදන ලෝක බැංකුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව ලෝක බැංකු ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ, විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය පවසන්නීය.
පසුගියදා පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය.
මෙසේ ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ලෝක බැංකුවෙන් මෙවරද නිදහස් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇත්තේ පසුගිය කාලය පුරා මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක කරණ ලද වැඩසටහන් වල ඉලක්ක සපුරා ඇති නිසා බවද ඇය මෙහිදී අවධාරණය කළාය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සමීපව පරීක්ෂා කිරීම සඳහා ලෝක බැංකු ,ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...