ව්‍යාපාරික පුවත්

මේ වසරේ මුල් මාස 5 ඇතුළත (ජනවාරි – මැයි) ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිලෝ මිලියන 100.4 දක්වා පහත බැස ඇත. එය පසුගිය දසකය ඇතුළත අදාළ කාලසීමාවේදී අපනයනය කෙරුණු අවම අගය සේ සැලකේ. මෙම ප්‍රමාණය පසුගිය වසරේ (2019 අදාළ කාලයට සාපේක්ෂව 17% ක පහත වැටීමක්ද පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩල වාර්තා අනාවරණය කරයි. වසරේ පළමු මාස 4 පිළිබඳව සලකා බලන විට (ජනවාරි සිට අප්‍රේල් දක්වා) මෙරට තේ අපනයනය කිලෝ ග්‍රෑම් මිලියන 73 ක් පමණක් වන අතර එය 1993 වාර්තා වී ඇති අඩුම අපනයන අගය වේ. ඊට විශේෂයෙන්ම බලපා ඇත්තේ කොවිඩ් වයිරසය මෙරට ව්‍යාප්තවීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී කොළඹ තේ වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවීමයි.

ජනවාරි සිට මැයි දක්වා කාලයේ මෙරට ‘තේ පැකට්’ නැව්ගත කිරීම 2019 ට සාපේක්ෂව 24% කින් පහත වැටී ඇති අතර ‘තේ බෑග්’ අපනයනය 22% කින් පහත වැටී ඇත. එසේම අදාළ මාස 5 ඇතුළත තොග වශයෙන් තේ අපනයනය කිරීමද පසුගිය වසරට සාපේක්ෂව 49.9% සිට 46.4% දක්වා පහත වැටී ඇති බවද තේ මණ්ඩල වාර්තා අනාවරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More