හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දක්වා බලයේ සිටියානම් ප්‍රශ්න රැසක් පැවතීමට තිබුණද රට මේතරම් අර්බුදකාරී තත්ත්වයකට පැන නොනගින බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති. දේශපාලන වැඩසටහනකට සහභාගීවෙමින් උන්වහන්සේ පෙන්වාදුන්නේ රට මේ වන විට හැම පැත්තකින්ම අරාජික වී තිබෙන බවයි.අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී තමාගේ ස්තාවරය ගැන එක්සත් ජාතික පක්ෂයට සැකයක් ඇතිවීම සාධාරණ බවත් තමා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති ඔහු ඉදිරියේ දැඩිව විවේචනය කරන බවත් රතන හිමියෝ මෙහිදී වැඩිදුරටත් පැවසුහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...