එහි ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට එම කාඩ් පත් සඳහා මාසික බිල්පත් ලබාදී නොමැති අතර අඩුම තරමින් දුරකථන ඇමතුමකින් වත් ගෙවීමට ඇති මුදල් සම්බන්ධයෙන් දැනුවත් කර නොමැත.
එසේම බොහෝ කාලයක් නේෂන් ට්‍රස්ට් බැංකු ශාඛා වසා දමා තිබු අතර විවෘත කර තිබු අවස්ථාවල පවා ශාඛා විවෘත වුනේ කෙටි කාල සීමාවකට පමණි. ජනාධිපතිවරයා හා රජය අදාළ සහන ලබා දෙන ලෙස දිගින් දිගටම දැනුම්දී තිබියදීත් මෙසේ දඩ පොලී අයකිරීම දැඩි අසාධාරණයක් බව එහි ගනුදෙනුකරුවෝ පවසති.
ශ්‍රී ලංකා මහා බැංකුවේ පුද්ගලික බැංකු අධීක්ෂණය සඳහා වන කොට්ටාශය මෙවැනි අසාධාරණ කරුණු සම්බන්ධයෙන් පුද්ගලික බැංකුවලට එරෙහිව පියවර නොගැනීම මීට හේතුවී තිබේ. ශ්‍රීලංකා මහා බැංකුවේ ඇතැම් ඉහල නිලධාරීන් පුද්ගලික බැංකු වලින් මාසික වැටුප් , දීමනා හා වරප්‍රසාද ලබන බවට මේ වන විට චෝදනා එල්ලවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...