ශී‍්‍ර ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවත් ඒ ගැන පරීක්‍ෂණ කළ යුතු බවත් ඇමරිකාව, බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් 10 ක් ශී‍්‍ර ලංකාවට තර්ජනය කළේය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද එම අදහස අනුමත කරනු ලැබීය. මේ අතර හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 59 ක් අන්තර්ජාතික අධිකරණය හමුවට ගෙන යෑමට වාර්තා ඉදිරිපත් කළේය. එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද?
ජනාධිපති ට‍්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කරමින් අන්තර්ජාතික අධිකරණයට පයින් ගැසීමයි. ට‍්‍රම්ප් එතැනින් නතර වූයේ නැත. ජාත්‍යන්තර අධිකරණයට අදාළ විනිසුරුවන් සහ එහි කාර්ය මණ්ඩලය මෙන්ම එම අධිකරණයට සහාය දක්වන පාර්ශ්වවල වත්කම් සහ දේපළ තහනම් කිරීමට ද කි‍්‍රයා කළේය.
ට‍්‍රම්ප් ගැසූ පයින් පාර යස්මින් සුකාට හා හිටපු මානව හිමිකම් කොමසාරිස් නවිපිල්ලේට ද වැදුණේය. ට‍්‍රම්ප් මෙලෙස කි‍්‍රයා කළේ ඇෆ්ගනිස්ථානයේදී ඇමරිකානු හමුදා සෙබළුන් යුද අපරාධ කළ බව කියමින් ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂණ පැවැත්විමට සැලසුම් කිරීමයි. ඇමරිකාවේ කිසිදු භටයකුට අත තැබීමට මම ඉඩ නොදෙන්නෙමි යැයි ට‍්‍රම්ප් තරයේ කියා සිිටියේය.
මෙහිදී ට‍්‍රම්ප් තවදුරටත් පැවසුවේ ඇමරිකාව රෝම සම්මුතියට අත්සන් කර නැති බවත් ස්වෛරී රටක් වූ ඇමරිකාවේ සෙබළුන් ගැන කි‍්‍රයා කිරීමට අන්තර්ජාතික අධිකරණයට අයිතියක් නැති බවත්ය.
මෙලෙස ඇමරිකානු සෙබළුන්ට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ සිදු කිරීමට ඉඩ නොදෙන බව ට‍්‍රම්ප් පවසන විට ඔහුගේ ශී‍්‍ර ලංකා තානාපතිනි ඇලිස් වෙල්ස්් දක්වන්නේ වගවීමේ කි‍්‍රයාදාමය ශී‍්‍ර ලංකා රජය ඉටු කළ යුතු බවයි.
මෙය ඇමරිකානු දෙබිඩි පිළිවෙත තහවුරු කිරීමකි.
මේ පසුබිම මැද ජනපති ට‍්‍රම්ප් ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුවරුන්ට ප‍්‍රසිද්ධියේම තර්ජනය කරයි. එම අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂිකාවට ඇමරිකාවට ඒම තහනම් කිරීමටද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කි‍්‍රයා කළේය.
එසේ වුවත් අතීතය අමතක කළ හැකිද? ශී‍්‍ර ලංකාවේ හමුදාව යුද අපරාධ කළ බව පවසමින් ජිනීවා යෝජනාව ගෙන ආවේ ඇමරිකාවයි. එම යෝජනාවට දෙවරක් එකඟ වූයේ ශී‍්‍ර ලංකාවේ යහපාලන රජයයි. ලොව කිසිදු රටක් තම හමුදාව යුද අපරාධ සිදු කළ බවට පිළිගෙන නැතත් යහපාලන රජය එය පිළිගත්තේය.
මේ පසුබිම මැද ඇමරිකානු සෙබළුන්ට එක නීතියකුත් ශී‍්‍ර ලංකාවේ හමුදාවට තවත් නීතියකුත් බලපාන්නේ ද?
ජනපති ට‍්‍රම්ප් ජාත්‍යන්තර අධිකරණයට සහ එහි විනිසුරුවරුන්ට කළ තර්ජනය අද කිසිම රටක් හෙළාදැක නැත. එසේම ඇමරිකානු සෙබළුන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම වැරදි නම් ශී‍්‍ර ලංකාවේ සෙබළුන්ට ද එම නීතිය බලපායි.
එහෙත් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාදාමය ගැන ශී‍්‍ර ලංකාවේ රජය තානාපති බලධාරීන් වෙතින් ප‍්‍රශ්න කර ඇයි නුඹලා අපට වගවීමේ කි‍්‍රයාදාමය කි‍්‍රයාත්මක කරන ලෙස කියා සිටින්නේ යැයි විමසන්නේ නැත.
ඇමරිකාව සර්බියානු නායකයන්ව සහ ලයිබීරියානු ජනපතිව ජාත්‍යන්තර අධිකරණයට ගෙන ඒමට සහාය විය.
මේ හැර ප‍්‍රංශයට එරෙහිව රුවන්ඩාවේ සමූල ඝාතන සිදුවීම් ගැන චෝදනා එල්ල වී ඇත. ජර්මනියට ද නැමීබියානුවන් සමූල ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වී තිබේ.
බි‍්‍රතාන්‍ය රජය ඉරාකයේ සිදුවූ යුද අපරාධ වසන් කර ඇත. එහෙත් ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා දිගින් දිගටම යයි. 2021 මාර්තු මසදී ශී‍්‍ර ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව හෙවත් යුද අපරාධ චෝදනාව යළි කරළියට එනු ඇත.
මේ සඳහා වත්මන් රජය සූදානම් ද බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිගේ රහස් වාර්තාව පවා මෙතෙක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නැත.
එහෙත් කොටි ඩයස්පෝරාව ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා නොකඩවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කරමින් සිටී. ද්‍රවිඩයන් 40000 ක් ඝාතනය වූ බවට එල්ල වූ චෝදනාව ද්‍රවිඩයන් 75000 ක් දක්වා වැඩි කළේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකායි. එම සංඛ්‍යාව 146000 ක් දක්වා මේ වනවිට වැඩිවී ඇත.
එහෙත් මියගිය ද්‍රවිඩයන් 146000 ක් කවුද? ඔවුන් පදිංචිව සිටියේ කොහේද සහ ඝාතනය වූයේ නම් වළ දැමූ ස්ථානය ඇත්තේ කොතැනක දැයි අනාවරණය වී නැත.
ඒ ගැන ශී‍්‍ර ලංකා රජය අභියෝග කිරීමටද ඉදිරිපත් නොවේ. මෙවන් පසුබිමක් මැද ජනපති ට‍්‍රම්ප් අන්තර්ජාතික අධිකරණයට කළ තර්ජනය ගැන රාජ්‍ය නොවන සංවිධාන නිහඬ වී සිටී.
අපට යුක්තිය ඕනෑ යැයි පවසන කොටි ඩයස්පෝරාව ද ට‍්‍රම්ප්ගේ තර්ජනය කෙරේ වචනයක්වත් පවසා නැත.
අන්තර්ජාතික අධිකරණය මර්දනය කරන බවට ජනපතිි ඩොනල්ඞ් ට‍්‍රම්ප් කළ තර්ජනය මෙරටට අත්වූ වාසිදායක කි‍්‍රයාවකි.
එසේම යහපාලන රජය සමයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් රැුසක්ම මෙරටට පැමිණියේ ශී‍්‍ර ලංකා හමුදාව ගැන සෙවීමටය.
එසේ මුත් එක්සත් ජාතීන්ට මෙරටට පැමිණ සාක්‍ෂි සෙවිමට ඉඩ දීම නතර කිරීමට වත්මන් රජය වහාම කි‍්‍රයා කළ යුතුය.
උතුරේ හිටපු ඇමතිනී ආනන්දි සසිතරන් රජයේ මුදල් වැය කරමින් චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්සේ සාක්‍ෂිකරුවන් ලවා යස්මින් සුකා හමුවේ කටඋත්තර දීමට කි‍්‍රයා කරද්දී යහපාලන රජය බලා සිටියේය.
මේ හැර කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ජිනීවා ගොස් මානව හිමිකම් සමුළුව හමුවේ ශී‍්‍ර ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්ථාවේ යහපාලන රජය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත.
මෙවන් තත්්ත්වයක් මැද රහස් පොලිසියේ ප‍්‍රධානියා, හමුදාපති ආරක්‍ෂක ලේකම්, ත‍්‍රස්ත මර්දන නිලධාරීන්, බුද්ධි ප‍්‍රධානියා ඇතුළු රැුසකට සාවi යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.
මින් හමුදා බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සලේ පමණක් යස්මින් සුකාට එන්තරවාසියක් යවා තිබේ. එහෙත් එය සාර්ථක වේද? සුකාට නඩු පැවරිය යුත්තේ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් අධිකරණය හමුවේය. ඒ සඳහා අති විශාල මුදලක් වැය වේ. එසේම සුකාට තානාපති මුක්තිය හිමිව ඇති බවද වාර්තා වී ඇත. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවද රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා ජනපති ට‍්‍රම්ප් නැඟූ තර්කය ශී‍්‍ර ලංකාවටද වලංගුය. එසේ වුවත් ජිනීවා යුද අපරාධ චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් කි‍්‍රයා කර නැත.
ඉන් ශී‍්‍ර ලංකාවේ හමුදාවට බරපතළ අවාසියක් සිදුවී ඇත. මේ යෝජනාවට සහාය දක්වා ඇති රටවල් අතරින් බි‍්‍රතාන්‍යය මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රො, ජර්මනිය සහ ප‍්‍රංශයට ද යුද අපරාධ චෝදනා එල්ලවී ඇතත් එම චෝදනා යටපත් වී තිබේ.
එසේ වුවත් සර්වලෝක නීතිය යටතේ ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 59 ක් අත්අඩංගුවට ගන්නැයි යස්මින් සුකා යුරෝපා රටවලින් ඉල්ලා ඇත.
මේ නිසා මෙරට හමුදා නිලධාරීන් විදේශගතවුවොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබේ.
එවන් තත්ත්වයක් යටතේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ අයට ඇමරිකාවේ සංචාරය කිරීම රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තහනම් කර ඇත.
එය ඇමරිකාවේ දෙබිඩි ප‍්‍රතිපත්තිය පිළිබිඹු වීමකි.
කීර්ති නර්ණකුලසූරිය
දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...