රුසියාවේ සර්බියාවේ කෙමෙරොවෝ නගරයේ සුපිරි විනෝද හා වෙළෙඳ සංකීර්ණයක ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් 41 දෙනකු ඇතුළු 64 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
තවත් දස දෙනකු මේ දක්වා අතුරුදන්ව සිටිති.
කෙමෙරොවෝ නගරයේ වින්ටර්චෙරී ගොඩනැඟිල්ල මෙසේ ගිනිගෙන තිබේ. මෙම ගින්නෙන් එම වෙළෙඳ සංකීර්ණයේ සිනමාහල් දෙකක වහල කඩා වැටී ඇති අතර එයින් විශාල පිරිසක් මිය ගොස් තිබේ.
කුඩා දරුවකු අත තිබූ ලයිටරයක් ගිනි ගැනීම නිසා එතැන තිබූ රබර්වලට ගිනි ගැනීමෙන් ගින්න පැතිරගොස් තිබේ.
කෙමෙරොවෝ නගරය මොස්කව් නුවරට කිලෝමීටර් 3600 ක් ඈතින් පිහිටා තිබේ.
ගිනි නිවීම සඳහා 660 දෙනකු යොදවා ඇති අතර ඔවුහු පැය 17 ක් තිස්සේ ගින්න නිවීම සඳහා කටයුතු කරමින් සිටිති.
මෙම සංකීර්ණයේ සත්වෝද්යානයක්ද තිබූ අතර එහි සිටි සියලුම සතුන් ගින්නෙන් මියගොස් ඇත.
කෙසේ වෙතත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළයනු ඇතැයි පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...