ශ්‍රී ලංකන් ගුවන් සේවය ඩොලර් බිලියනයක් පමණ ණය ගෙවීමට ඇති බවත් ඉන් බහුතරය රජයට ගෙවිය යුතු බවත් එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.
ලංකා බැංකුවට ඩොලර් මිලියන 220ක්, මහජන බැංකුවට ඩොලර් මිලියන 187ක් සහ ලංකා ඛනිජ නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 275ක් ලෙස ප්‍රධාන වශයෙන් ගෙවීමට ඇතැයි ඔහු පැවසීය.
තමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පාඩු ලබමින් ඇති ගුවන් සේවය වසරක් තුළ ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකිවේ යැයි අනුමාන කළ බවත් කොරෝනා වෛරසය නිසා ඊට බාධා එල්ල වූ බවත් මාධ්‍ය අමතමින් ඔහු කීය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර ඇති පාඩුව ඩොලර් මිලියන 130කි. විශේෂයෙන්ම කොරෝනා තත්ත්වය නිසා ගුවන්තොටුපළ වසා දැමීමට සිදුවීමෙන් තම ආයතනය ට විශාල පාඩුවක් සිදුව ඇතැයි පතිරගේ මහතා පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාර්තු 19 වැනි දා සංචාරකයින් සඳහා වසා දැමුණු අතර එය අගෝස්තු 01 වැනි දා නැවත විවෘත කිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...