ව්‍යාපාරික පුවත්

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියත් සමඟ 2020 මාර්තු මස අග සිට අප්‍රේල් මැද දක්වා කාලපරිච්ඡේදය තුළ දී තියුණු අවප්‍රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන් ශ්‍රී ලංකා රුපියල එතැන් සිට ස්ථාවර වූ අතර, 2020 වසරේ මැයි මාසයේ දී සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.

මෙම ත්ත්වය හමුවේ, 2020 වසරේ අප්‍රේල් මස 09 වැනි දින දක්වා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 9.1කින් අවප්‍රමාණය වූ රුපියල එතැන් සිට, 2020 වසරේ ජූනි 22 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියයට 2.7ක සමස්ත අවප්‍රමාණය වීමක් වාර්තා කරමින් අතිප්‍රමාණය විය.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිපිඹු කරමින් 202 ජූනි මස 22 වෙනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී රුපියල, යූරෝ, ජපන් යෙන් සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වූ අතර, ස්ටර්ලින් පවුම, කැනේඩියානු ඩොලරය සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2020 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙ හි මේ බව සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More