අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇතිවිශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ආකාරය ගැන සාකච්ඡාවෙන විශේෂ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී ආරම්භ විය.
අප්‍රේල් 04 වෙනිදා මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනුගමනයකළයුතු පියවර, ඡන්ද විමසීම සිදුකළයුතු ආකාරය,ඒඒ දේශපාලන පක්ෂවලට විවාදයේ කාලය වෙන්කිරීම යන කරුණු මෙම පක්ෂ නායක රැසේවීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව කථානායක කාර්යාලයෙන් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...