ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ නවතම ඇස්තමේන්තුවට අනුව අමෙරිකාවේ අවම වශයෙන් මිලියන 20 ක ජනතාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වී තිබේ.
රෝග පාලන මධ්‍යස්ථාන පවසන්නේ සැබෑ ආසාදිතයන් පිරිස වාර්තා වූ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි විය හැකි බවය.
සෞඛ්‍ය නිලධාරීන් මේ අනාවරණය සිදුකරන්නේ ආසාදිතයන් හා රෝහල්ගතවීම් ඉහළ යාමත් සමග ටෙක්සාස් ප්‍රාන්තය නැවත විවෘත කිරීම නවතා දමා ඇති පසුබිමකය.
නිල සංඛ්‍යා ලේඛනවල දැක්වෙන ආකාරයට අමෙරිකාවෙන් ආසාදිතයන් 2,502,044 ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 126,000 කට අධිකය.
ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 37,640 ක් සහ මරණ 595 ක් වාර්තා වී තිබුණි.
ප්‍රාන්ත රැසකම යළිත් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක එරට කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර අමෙරිකානුවන් තවදුරටත් මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන්නේනම් ඔක්තෝබර් 01 වනදා වන විට කොවිඩ් 19 වෛරසයට ගොදුරුව ජීවිත 180,000 ක් අහිමි වනු ඇති බව නවතම පුරෝකථනයකින් හෙළිව තිබේ.
වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ දැනට පවතින සෞඛ්‍යාරක්ෂක ක්‍රම පිළිපදින්නේ නැති නම් ඔක්තෝබර් 1 දා වනවිට ඇමෙරිකානුවන් 179,106 ක් මිය යන බවටය.
කෙසේ වෙතත් ඇමරිකානුවන්ගෙන් 95% ක් ප්‍රසිද්ධියේ මුඛ ආවරණ පැළඳීමට පටන් ගන්නේ නම් එම සංඛ්‍යාව 146,000ක් දක්වා පහත වැටෙනු ඇති බව අනාවැකි පළ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...