ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ ගොස් තිබියදී මෙරට කිරි පිටි මිල වැඩි කිරීම සඳහා කිරි පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
මේ වන විට ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 2800 ක් පමණ වේ. මෙරට ඩොලරයේ අගය හා සැසදු කල එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 532,000 කි. එවිට කිලෝවක් සඳහා වැය වන මුදල රුපියල් 532 කි. ශ‍්‍රී ලංකාවට කිරිපිටි කිලෝවක් ගෙන ඒමේදී රජය අයකරන්නේ රුපියල් දෙකක තීරු බද්දක් පමණි.
කිරි පිටි සමාගම් මේ වන විට කිරිපිටි කිලෝවක් මෙරට අලෙවි කරනු ලබන්නේ කිලෝවක් රුපියල් 945 බැගිනි. ග‍්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රුපියල් 215 ක් පමණ වැය වන අතර මෙරට කිරිපිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 380 කටය.
එසේ තිබියදී කිලෝවක් රුපියල් 75 කින් වැඩි කිරීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. එහෙත් පාරිභෝගික අධිකාරිය ඒ සඳහා අවසර දී නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...