ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 2.475ක් දක්වා ඉහළ ගියේය .
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවකින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබෙන අතර මේ තත්ත්වයත් සමඟ එරට කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ රැස්වීමක් ද කැඳවා ඇත. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා ස්ථාපිත කළ එම කාර්ය සාධක බලකාය මාස දෙකකින් රැස්වී නැත.
“මේ වෙද්දි රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ ” යැයි ඇමෙරිකාවේ බෝ වන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය.
“රට ලොකු ප්‍රශ්නයක ඉන්නේ , අපි හැමෝටම වගකීමක් තියෙනවා , ඒ වගේම අනෙක් අය ගැනත් අපට වගකීමක් තියෙනවා. ඒක නිසා ජනතාව මේක හොඳින් සිහි තබාගන්න ඕනෑ. ඔබට තියෙන අවදානම ඔබ විතරක් නෙවෙයි හුදෙකලා වෙන්නේ” යැයි හෙතෙම කීය.
අල්ජසීරා/රොයිටර්ස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...