පුරවැසි කොලම

ශී‍්‍ර ලංකාවේ දත්තයන්ට අනුව රටේ දෛනික කිරි පරිභෝජනය ලීටර 1,200,000 ක් පමණ වේ. මෙයින් ලීටර 450,000 – 600,000 ත් අතර ප‍්‍රමාණයක් ලංකාවේ නිෂ්පාදනය වන අතර දැනට ලීටර 600,000 – 750,000 ක ප‍්‍රමාණයක හිඟයක් පවතී. මෙම හිඟයට විසඳුමක් වශයෙන් ගර්භණී දෙනුන් අති විශාල මුදලක් වියදම් කර පිටරටින් ආනයනය කරනවා වෙනුවට දියුණු තාක්‍ෂණයක් පවතින අද ලෝකයේ සාර්ථක විකල්ප ඇත. ලංකාවේ පවතින දිය කිරි හිඟය අඩු කර රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට නම් පහත සඳහන් කි‍්‍රයා පටිපාටියන් දියත් කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල නෙළා ගත හැක.

කිරි නිෂ්පාදනය සඳහා ඉතා හොඳ ගවයන් තෝරා ගත යුතුය. මේ සඳහා දැනට හොඳ ගවයන් සිටිනුයේ ශීත දේශගුණය ඇති රටවලය. උදාහරණයක් වශයෙන් Holstein Friesin, Ayshire Jersey etc මෙම ගවයන් ලංකාව වැනි නිවර්තන (Tropical) දේශගුණය පවතින රටවලට සුදුසු නැත. එසේ වුවද ලංකාවේ කඳුරට මුහුදු මට්ටමේ සිට අඩි 3000 කට ඉහළ පළාත්වල මේ ගව වර්ග කිරි නිෂ්පාදනය සඳහා ඇති කළ හැක. නමුත් ලංකාවේ පවතින ගව රෝග විශේෂයෙන්ම Tick Fever පාදය සහ මුඛය ආශි‍්‍රත රෝග Foot &Mouth Deseas) හා පරිපෝෂිතයන් (උදාහරණ කිණිතුල්ලන් (Tick Burden), කූඩැල්ලන් සහ ආහාර පද්ධතියේ පරපෝෂිතයන්) නිසා මිය යන සතුන් ගණන අධික විය හැක.

දැනට පවතින කිරි හිඟය අඩු කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන් (Programmes) වලට අනුව ගර්භණී දෙනුන් ඔස්ටේ‍්‍රලියාව වැනි රටවලින් ආනයනය කළහොත් නැවේ ගව පාලන ක‍්‍රමවේද සහ ඉතා දුර ගමන් වෙහෙස නිසා උන් වැඩිදෙනෙක් නැවේදී සහ ලංකාවේ ගොඩබැසීමෙන් පසු පැටවුන් ගබ්සා (Abort) වීමට පටන් ගනී. මෙසේ පැටවුන් ගබ්සා (Abort) වන දෙනුන්ට නියම ආකාරයෙන් ප‍්‍රතිකාර නොලැබුණොත් ගර්භාෂ හා කිරි බුරුලූ රෝග (Mastitis) සෑදීම හේතුවෙන් කිරි නිෂ්පාදනයට සුදුසු නොවනු ඇත.

තවද එම දෙනුන් කිරි ගොවියන්ට බෙදා දුන් පසු ලංකාවේ ඇති ගව හා පරපෝෂිත (Parasitic) රෝගවලට ගොදුරුවීම නිසා දෙනුන් වැඩි දෙනෙක් මිය යෑමට ඉඩ ඇත. මේ සියලූ කාරණා නිසා ගර්භණී දෙනුන් ඉතා දුර රටවලින් ආනයනය කිරීම කිසිසේත් සුදුසු නැත. එම කි‍්‍රයාවෙන් වන අලාභය ඉතා අධික විය හැක. 1977 වසරේදී සහ මෑතකදී ලංකාවට ඔස්ටේ‍්‍රලියාවෙන් නැව් මගින් ආනයනය කළ ගර්භණී දෙනුන්ට ඇතිවූ අදි විපත දැන දැනම එම කි‍්‍රයාව නැවත කිරීම අදි මෝඩකමකි. තවද එමගින් ලංකාවට වන විනාශය අති විශාලය.

කිරි නිෂ්පාදනය සඳහා හොඳ ගව වර්ගවල (විශේෂයෙන්ම ලංකාවට උචිත Jersey වැනි ගව වර්ගවල) අධිශීත කළ ශුක‍්‍ර ධාතු (Frozen Semen) යොදා ලංකාවේ දේශීය දෙනුන් (Andigeous Cows) සමඟින් කෘති‍්‍රම ජනනය (Artificial Insemination) කළ හැක. මේ ක‍්‍රමයෙන් උපදින දෙනුන්ගේ කිරි නිෂ්පාදන හැකියාව මවු පරපුරේ (Indigenous cows) කිරි නිෂ්පාදන හැකියාව මෙන් 4-6 ගුණයක් වැඩිය. මෙසේ කිරි නිෂ්පාදනය වැඩි වීමට හේතුව වන්නේ Cross Breading නිසා ඇතිවන දෙමුහුන් ශක්තිය (Hybrid Vigour) නිසාවෙනි. එයට තවත් හේතුවක් නම් දේශීය දෙනුන්ගේ ජානවල හොඳ කිරි ගවයන්ගේ ජාන 50% ක් බැගින් තිබීමයි. තවද මෙසේ උපදින ගවයන් ලංකාවේ ගව රෝගවලට හා පරපෝෂිතයන්ට ප‍්‍රතිරෝධී (Qevistant) බවක් දක්වයි.

මීට අමතරව ලංකාවේ සෑම පශු වෛද්‍ය කොට්ඨාසයකම (Veterinory Divisions) කෘති‍්‍රම ජනනය (Artificial Insemination) කිරීම සඳහා හොඳින් පුහුණු කළ කෘෂිකර්ම ව්‍යාප්ති සේවකයන් ඇත. ගවයාට කෘති‍්‍රම ප‍්‍රජනනය කිරීමේ හැකියාව 1960 වසරේ පමණ සිට ලංකාවේ හොඳින් දියුණු කළ ක‍්‍රමවේදයකි. මේ නිසා ලංකාවේ දියුණු කළ කෘති‍්‍රම ජනන ක‍්‍රමවේද යොදා කිරි ගවයන්ගේ අධි ශීත කළ ශුක‍්‍රාණු ධාතු (Frozen Semen) භාවිත කිරීම දැනට ලංකාවේ ඇති දියර කිරි හිඟය අඩු කිරීමට ඇති හොඳම ක‍්‍රමවේදයයි. මේ සඳහා පිටරටින් ආනයනය කළ යුත්තේ ඉතා හොඳ කිරි ගවයන්ගේ අධි ශීත කළ ශුක‍්‍රාණු (Frozen semen) පමණි. මෙය ගුවන් මගින් ආනයනය කළ හැකි අතර ඒ සඳහා වැය වන මුදල ගර්භණී ගවයන් ආනයනය කිරීමට යන වියදමට වඩා ඉතාමත් සුළුය. මෙය තවදුරටත් ලංකාවට වාසි වනුයේ හොඳින් පුහුණු කළ කෘෂිකර්ම ව්‍යාප්ති සේවකයන් ලංකාවේ පශු වෛද්‍ය කොට්ඨාසවල ඇති නිසා මෙම ක‍්‍රමය ඉතාමත් සාර්ථකව කළ හැකි නිසාය.

මේ සියල්ලට ම අමතරව ලංකාවට උචිත ගව අභිජනනය ව්‍යාපෘති (cattle cross Breading Programmes) 1970 වසර පමණ සිට දියත් කර ඇත. මෙම ව්‍යාපෘතිය ගන්නෝරුවේ පිහිටා ඇති පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ලංකාව සඳහා ම දියුණු කළ ඉතා සාර්ථක ක‍්‍රමවේද ඇතුළත් ව්‍යාපෘතියකි.

මේ සියල්ල ගත් විට ලංකාවේ දැනට පවතින දිය කිරි හිඟය අඩු කිරීමට ඇති එකම සාර්ථක ක‍්‍රමය නම් හොඳ කිරි ගවයන්ගේ අධිශීත කළ ශුක‍්‍රාණු (Frozen semen) භාවිත කොට දේශීය දෙනුන්ට කෘති‍්‍රම ලෙස (Articial Insemination) ජනනය කිරීමේ ක‍්‍රමවේදයයි. මෙම ක‍්‍රමය දියුණු කළහොත් ලංකාවේ දිය කිරි හිඟය ක‍්‍රමයෙන් අඩුවන අතරම, හොඳ කිරි නිපදවීමේ හැකියාවක් ඇති ලංකාවේ දේශගුණයට උචිත ගව පරපුරක් බිහි වීමයි.

සත්ත්ව හිංසනයට විරුද්ධව නැඟී සිටින ඔස්ටේ‍්‍රලියාවේ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ‘Animal Australia සංවිධානය ගර්භණී කිරි ගවයන් ලංකාවට අපනයනය කිරීම නතර කරන ලෙස ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ඉල්ලා සිටී. එම සංවිධානයේ අධ්‍යක්‍ෂ සහ ප‍්‍රකාශක ටිම් වාසුදේව (Tim Vasudeva) මහතා විසින් 2019 අපේ‍්‍රල් මාසයේ ABC නාලිකාවට ප‍්‍රකාශ කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවෙන් ගර්භණී කිරි ගවයන් අපනයන කිරීමේදී එම කිරි ගවයන්ගේ සුබසාධන ආරක්‍ෂාව (Welfare Protection) සඳහා ඔස්ටේ‍්‍රලියාව තුළ විධිමත් ක‍්‍රමවේදයක් නොමැති බවයි. ඔස්ටේ‍්‍රලියාවෙන් සජීවී ගවයන්, බැටළුවන් වැනි සතුන් මස් පිණිස ඉන්දුනීසියාව, චීනය සහ මැද පෙරදිග රටවලට අපනයනය කිරීමට විරුද්ධව ඔස්ටේ‍්‍රලියාව තුළ විශාල විරෝධතාවක් ගොඩනැෙඟමින් පවතී.

පසුගිය යහපාලන රජය මගින් ගර්භණී කිරි ගවයන් 5000 ක් ඔස්ටේ‍්‍රලියාවේ Wellard Export P/L සමාගම මගින් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇත. මෙම කිරි ගවයන්ගෙන් 500 කට අධික ප‍්‍රමාණයක් මියගොස් ඇති අතර තවත් විශාල ප‍්‍රමාණයකට සාමාන්‍ය ගවරෝගවලට අමතරව BVD (Bovine Viral Diarrhoea) රෝගය වැළඳී මියගොස් ඇත. මෙම රෝගය ලංකාවේ ගවයන්ට ආවේණික නොවූ අති භයානක රෝගයකි.

ඉහත ආනයනය කළ ගර්භණී කිරි ගවයන්, පිළිබඳව විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා යටතේ පැවැති ජනාධිපති කොමිසමේ සාක්‍ෂි ඉදිරිපත් කළ සාක්‍ෂිකරුවන්ට අනුව යහපාලන රජය විසින් 2017 ජනවාරි මස සිට 2018 මැයි මස දක්වා රුපියල් බිලියන 4.44 ක මුදලක් ගර්භණීී කිරි ගවයන් ආනයනය කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාවේ Wellard Export P/C සමාගමට ගෙවා ඇත. මෙම ගෙවීමට පෙර 2014 වර්ෂයේදී ශී‍්‍ර ලංකා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සහ ඔස්ටේ‍්‍රලියාවේ Wellard Export P/C සමාගමට ගෙවා ඇත. මෙම ගෙවීමට පෙර 2014 වර්ෂයේදී ශී‍්‍ර ලංකා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සහ ඔස්ටේ‍්‍රලියාවේ Wellard Exporg P/C සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමක් යහපාලන රජය විසින් 2016 වසරේදී වෙනස් කර ඇත. ජනාධිපති කොමිසමේ වාර්තාවලට අනුව ගිවිසුම 2016 වර්ෂයේදී වෙනස් කිරීම තුළින් විශාල වංචාවක් සිදුවී ඇති බවට ඔප්පු වී ඇත. මෙවැනි වංචා නැවත සිදු නොවීමට වග බලා ගැනීමට ගෝඨාභය රජය විසින් කි‍්‍රයා කරනු ඇතැයි රටට ආදරය කරන සියලූ රටවැසියාගේ බලාපොරොත්තුවයි.

ආචාර්ය ජාලිය කුමාරතිලක
B.V.Sc (Ceylon), PhD (Australia)
ශී‍්‍ර ලාල් ඞී. පෙරේරා ඔස්ටේ‍්‍රලියාවේ සිට

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More