අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබ ඡන්ද විමසීම විද්‍යුත් ක්‍රමයට නොපවත්වා නාමිකව සිදුකිරීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව අප්‍රේල් මස 04 වන දින උදැසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා විශ්වාසභංග යෝජනාව විවාද කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම එදින රාත්‍රි 9.30ට සිදුකිරීමට නියමිතයි.
මනත්රිවරුන්ගේ නමින් ඡන්ද විමසීම සිදුකෙරෙන අතර අදාළ මනත්රිවරයාගේ නම ප්‍රකාශ කළ විට විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුය. අද පැවති පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...