ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග්ආසිආටා පීඑල්සී, අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳනාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳනාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්රෑඅන්ඩ්ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබීය. වාර්ෂිකව17 වන වරටත් පැවැත්වුණු තක්සේරුකරණයේ දී ඩයලොග් සමාගම වෙත මේ වටිනා ගෞරව සම්මානය පිරිනැමුණු අතර, අඛණ්ඩව 6වන වරටත් AAA වෙළඳ නාම ශ්‍රේණිගත කිරීම සහ අඛණ්ඩව 13 වන වරටත් වටිනාම විදුලි සංදේශ වෙළඳනාමය යන සම්මානය ද ලබාගන්නටත් ඩයලොග් සමාගම සමත්විය.

2020වසරේ‘වටිනාම වෙළඳනාමය සහ වටිනාම විදුලි සංදේශ වෙළඳනාමය’යන සම්මාන මගින් ඩයලොග් සමාගමේ“හෘදයාංගමසේවාව”සහ“අනාගතයඅදයි”යනකැපවුණු මෙහෙවර මනාව පිළිබිඹු කෙරේ. අසමසම අත්දැකීම් නිර්මාණය කරමින්,සියලුම ශ්‍රීලාංකිකයින්වෙත දැරිය හැකි මිලකට තාක්ෂණය වෙත සමීප කරවන විවිධාකාර සේවාවන් හා නිෂ්පාදන හරහා ජාතියට ඩිජිටල් පුනරුදයක් උදාකර දීමට සමාගම දරන උත්සාහය මින් හොඳින් නිරූපණය විණි.

ඩයලොග් සන්නාමයේ ශක්තියට හේතුවී ඇත්තේ තාක්ෂණ විය මනින් බැඳුණු ලෝකයක ජීවිත සවිබලගැන්වීම සඳහා වූ අප්‍රතිහත කැපවීමයි. එපමණක් ද නොව,මිලියන15කට අධික ගනුදෙනු කරුවන්ගේ හදවත් තුළ විශ්වාසදායක ඩිජිටල් සහකරුවකු බවට ද ඩයලොග් සමාගම පත්වී තිබේ. දේශයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ඩයලොග් සමාගමේ මූලික අරමුණ අද්විතීය පාරිභෝගික අත්දැකීම් සමඟ පාරිභෝගිකයන්ට වටිනාකම් නිර්මාණය කරදීමයි.

ලැබූ සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටාපීඑල්සීහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසුවේ,  “දෙවන වරටත්‘ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳනාමය’සහ අඛණ්ඩව 13වන වරටත්‘වටිනාම විදුලි සංදේශ වෙළඳනාමය’යන සම්මානවලින් පිදුම්ලැබීම අපට ගෞරවයක්. මෙම සම්මානයෙන් අදහස් වෙන්නේ මිලියන15කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත තාක්ෂණයෙන් පොහොසත් කරමින් ජාත්‍යාන්තර මට්ටමේ සේවාවන් සහ විසඳුම් සමග අනාගතය අදට ගෙන ඒම සඳහා වූ අපේ මෙහෙවර පිළිබඳව ජනතාව දක්වන අඛණ්ඩ විශ්වාසයයි. මේ සම්මානය තුළ සමාගමේ හෘදයාංගම සේවාව සහ නව්‍යකරණය පෙරදැරිව කටයුතු කරන ඩයලොග් කණ්ඩායමේ කැපවීමත් නිරූපණය වෙනවා.”

බ්රෑතන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක රුචී ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ, “ඩයලොග් සමාගමෙහි සාර්ථකත්වයට මූලික හේතුව වුණේ නව තාක්ෂණයන් රට තුළට ගෙන ඒ මේ හැකියාව සහ වේගවත්ව පාරිභෝගිකයන් ළගා කරගන්නා අද්විතීය අලෙවිකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමයි.

බ්රෑබන්ඩ් ෆිනෑන්ස් යනු ශ්‍රි  ලංකාව ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක ශාඛාවන් ඇති ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනයයි. වෙළඳනාමවලමූල්යේවටිනාකමගණනයකිරීමෙන් බරෑවන්ඞ් ෆිනෑන්ස් විසින් අලෙවි සහ මූල්‍ය කෂ්‍රේත්‍රයන් එකිනෙක සබඳනු ලබයි.

වෙළඳනාම ශ්‍රේණිගතකිරීම සඳහා වෙළඳනාම වටිනාකම් ගණනය කිරීමේදි රෝයල් ටිරිලීෆ්පර්ෂ වේශයත්, ISO 10668හි දක්වා ඇති කර්මාන්ත ප්‍රමිතීන්ට වෙළඳනාමයන් දක්වන අනුකූලතාවත් ඔවුන් ප්‍රධානව සැලකිල්ලට ගනියි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ හිමිකම් භාගය ගණනය කරමින් වෙළඳනාමය අනාගතයේ ලබන ආදායම් තක්සේරුකිරීමත්,ඉන් වෙළඳ නාමයේ වටිනාකම,ශුද්ධ ආර්ථික ප්‍රතිලාභයක් ලෙස ඉස්මතු කිරීමත්ය. මෙම තක්සේරුකරණය නිසා වෙළඳ නාමහිමිකරුවන් හට විවෘත වෙළඳපොළ තුළ වෙළඳනාමයට බලපත්‍රයක් ලබාදීමේ දී මෙම ප්‍රතිලාභ ලබන්නට අවස්ථාව හිමිවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More