කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපද වූ පමණින් අමෙරිකාවේ වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි බව එරට වසංගත විද්‍යා ප්‍රධානියෙකු වන වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසයි.
ඊට හේතු ලෙසින් ඔහු පෙන්වා දෙන්නේ, බහුතර අමෙරිකානුවන් කොවිඩ් එන්නත් ලබාගැනිම ප්‍රතික්ෂේප කිරීම බව ඔහු පැවසීය.
මේ අතර යළි විවෘත කිරීමට යෝජිතව තිබූ එරට ප්‍රාන්ත රැසක් නැවතත් එම විවෘත කිරීමේ සැලසුම් හකුලාගෙන තිබේ.
ඒ, රට පුරා නැවතත් වේගයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමත් සමගින්ය.
අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් 2,685,000 ඉක්මවා ඇති අතර සමස්ත මරණ ගණන 128,777 කි.
මේ අතර ගතවූ දිනයේදීත් වැඩිම කොවිඩ් මරණ වාර්තා වූයේ බ්‍රසීලයෙනි. එය 727කි.
බ්‍රසීලයේ සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ 13 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...