– මහජන මුදල් කෝටි ගණනක් වැයකර හැදූ ගොඩනැඟිලි සංචාරක බංගලා කරලා
– ඉපැරැණි ඖෂධ ගස් කපා අඹ සහ කටු අනෝදා සිටුවලා
හෙළයේ මහා වෙදැදුරු බුද්ධදදාස නිරිඳුන්ගේ රාජකීය ඖෂධ උයන ලෙස සැලකෙන වැල්ලව දොළුකන්ද රක්ෂිතයේ, ඓතිහාසික දොළුකන්ද වැව ඉස්මත්තේ ඇති දුර්ලභ ආයුර්වේද ඖෂධ ශාකවලින් ගහන භූමියේ කලකට ඉහත වයඹ පළාත් සභාව විසින් මහජන මුදල් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් වැයකර ආයුර්වේද රෝහලක් සඳහා පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැඟිලි තුනක් ඉදිකරන ලදී.
සුදු හඳුන්, ඉර රාජ, සඳ රාජ, බිංකොහොඹවලින් ගහන වූ මෙම භූමියේ වටිනා ඖෂධ ශාක බිමට සමතලා කර මහජන බදු මුදල් රුපියල් කෝටි ගණනක් නිකරුණේ වැයකර දේශපාලන අම්බරුවන් වහසිබස් දොඩමින් ඉදිකළ ගොඩනැඟිලි විවෘත නොකරම කැලයට යටවී ගියහ.
විදේශීය සංචාරකයන් ගෙන්වා බුද්ධදාස නිරිඳුගේ ඔසු උයනේ සිටම ප‍්‍රතිකාර කර විදේශ මුදල් උපයාගත හැකි බව කියා වහසි බස් කීවද, රුපියල් කෝටි ගණනක මහජන මුදල් ද, වටිනා ඖෂධ උයන ද විනාශ කර මෙකී අය බලයෙන් පහවූහ. එසේම එම ගොඩනැඟිල්ලද කැලෑවට යට වී වවුලන්ගේ සහ වන සතුන්ගේ වාසස්ථාන බවට පත්විය.
නමුත් මෑතකදී තවත් දේශපාලූවන් පිරිසක් මෙම ගොඩනැඟිලි හා භූමිය කාටත් හොරා බහුජාතික සමාගමකට බදු දී ඇති බව එහි ගිය අපට දැකගන්නට හැකිවිය.
ඔවුන් වටිනා ඖෂධ සහ ශාක ඩෝසර් යොදා බිමට සමතලා කර අඹ සහ කටු අනෝදා වගාවක් කරගෙන යන අතර කිසිවකුටත් බෙහෙත් පැළෑටියක් ගැනීමට නොහැකි වන සේ භූමිය වටා විදුලිසැර කැවූ කම්බි ඇද ඇති අයුරු දක්නට ලැබිණ.
”මහා රාවණ රජු සමයේ දී රාවණ නිරිඳුන් විසින් සීතා දේවිය පැහැරගෙන සඟවාගෙන සිටිය දී දේවීන් වහන්සේට ඇතිවූ යම් අසනීපයක් සඳහා අවශ්‍ය ඖෂධ හිමාල වනයෙන් රැුගෙන එන ලෙස හණුමන්තාට අණකර ඇති අතර හණුමන්තා විසින් හිමාල අඩවියෙන් අදාළ ඖෂධ සොයා ගැනීමට නොහැකිව එම භූමියෙන් කොටසක් කඩාගෙන ගුවනින් එද්දී එහි කොටසක් මෙම ස්ථානයට කඩාවැටී ඇති බවත් එයින් හටගත් ඖෂධ ප‍්‍රදේශය පුරා ව්‍යාප්ත වූ බවත් පැරැුන්නෝ කීහ. එබැවින් හෙළයේ මහා වෙදැදුරු බුද්ධදාස මහ රජතුමන් එතුමන්ගේ රාජකීය ඔසු උයන ලෙස පවත්වාගෙන ගිය බවත් ඉතිහාසයේ සඳහන් ය.
දැනට දශක කීපයකට පෙර ශ‍්‍රී ලංකාවේ නොයෙක් ප‍්‍රදේශවල සිට දක්ෂ වෙදැදුරන් දුර්ලභ ඖෂධ සොයා ගැනීම සඳහා මෙම වනයට ආගිය බව ලියුම්කරුට මතකය.
නමුත් මෑතකදී පත්වූ දේශපාලන අම්බරුවන් සිදුකළ අපරාධය පසුගියදා දොළුකන්දට ගිය අපට දැකගත හැකිවිය.
එදා නිදහසේ ඖෂධ පැළෑටියක් සොයා ගැනීමට ගිය වෙදැදුරන්ට අද එම භූමිය තහනම්ය. සුදු හඳුන් ගස් කපා ඒ මත කටු අනෝදා, අඹ වගාවන් දමා ඇති බහුජාතික සමාගම එම භූමිය වටා විදුලි බලය කැවූ කම්බිද ඇද දමා ඇත.
මහජන මුදල් කෝටි ගණන් වැයකර පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සෑදූ ගොඩනැඟිලි කඩා ඒවා සංචාරක බංගලා බවට පත්කර ඔවුන් අයිතිය තහවුරු කර ඇත.
අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග‍්‍රාමාත්‍යතුමනි, අදාල නිලධාරිවරුනි, දේශපාලන බලයෙන් මත්ව අපගේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් කාබාසිනියා කර අපේ අයිතියක් බහුජාතික බූවල්ලන්ට තවදුරටත් නොදී ආරක්ෂා කරදෙන ලෙස ප‍්‍රදේශවාසීන් කාරුණික ඉල්ලීමක් කර සිටී.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...