විදේශ පුවත්

දකුණු ඉන්දීය ප‍්‍රාන්තයක් වන කර්ණාටක ප‍්‍රාන්තයේ කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ මෘත දේහයන් කිසිදු ගරුත්වයක් නොමැතිව ගැඹුරු වළකට පෙරළා දැමීමට ප‍්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් ක‍්‍රියා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර්ණාටක ප‍්‍රාන්තයේ බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීහු මිය ගිය අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් කොන්දේසි රහිතව සමාව ඉල්ලා තිබේ.

මෙම කොරෝනා ආසාදිතයින්ගේ මළ සිරුරු විශාල කළු පැහැති කසළ ඇසුරුම්වල (බෑග්) බහා මෙසේ ගැඹුරු වළකට පෙරළා දමන අයුරු ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වෛරසයක් මෙන් හුවමාරු වීමත් සමගම එම සිද්ධිය සත්‍ය බව බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීන් විසින් පිළිගෙන තිබිණි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර ගිය මෙම වීඩියෝ පටවල ආරක්ෂිත ඇඳුම් පැළඳි සෞඛ්‍ය සේවකයින් පිරිසක් විසින් කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ මළ සිරුරු බහාලූ කළු පැහැති කසළ බහාලන ඇසුරුම් මෙසේ ගැඹුරු වළකට පෙරළා දමනු දැක්වේ.

මෙම වීඩියෝ පට නැරඹූ පිරිස් අදාළ සිදුවීමට එරෙහිව හඬ නැගීමත් සමගම සිද්ධිය සිදු වූ බෙලරි දිස්ත‍්‍රික්කයේ බලධාරීහු මිය ගිය අයගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව ඉල්ලා තිබේ. සිද්ධිය පිළිබඳව මාධ්‍යයට ප‍්‍රකාශයක් සිදු කර ඇති බෙලරි දිස්ත‍්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයෙකු වන එස්.එස්. නකුලා පවසා ඇත්තේ මෙම සිදුවීම පිළිබඳව දිස්ත‍්‍රික් බලධාරීන්ට සිත් රිදවීමක් ඇති වූ බවත් අදාළ සෞඛ්‍ය සේවකයින් මිය ගිය ආසාදිතයින්ගේ මෘත ශරීර බැහැර කළ ආකාරය නියමිත ක‍්‍රියාදාමයට අයත් නොවන බවයි.

මෙම සිදුවීමෙන් පසු එසේ වැරදි අයුරින් කොරෝනා ආසාදිතයින්ගේ මළ සිරුරු බැහැර කළ සේවකයන් එම කාර්යයෙන් ඉවත් කර මෘත දේහයන් සංවේදී අයුරින් බැහැර කළ හැකි පිරිසක් සේවයේ යෙදවීමට බලධාරීන් විසින් පියවරගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More