ව්‍යාපාරික පුවත්

විදුලි බිලට සහන දීම නිර්දේශ කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඔවුන්ගේ වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම කමිටුවේ සභාපති ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන්  මහතා පත්කර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇතුළු ලංකා විදුලි බල මණඩලයේ තවත් නිලධාරීන් තිදෙනෙකු ද එම කමිටුවට ඇතුළත් කර තිබේ.

මෙම කමිටුව සිය අදහස් හා යෝජනා ලබන සඳුදා වනවිට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් උපදෙස් දී ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එම කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද  විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More