විදේශ පුවත්

අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (2) ලක්ෂ හය ඉක්මවා ගියේය.

ඊයේ (2) පස්වරු 6 වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 6,04,641ක් වන අතර විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,26,947කි. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 3,59,860කි. ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 17,834කි.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ද ඉන්දියාව මේ වනවිට පියවර ගෙන ඇත. මේ තත්ත්වයත් සමඟ දෛනිකව ශීඝ්‍රයෙන් වැඩි වන ආසාදිතයන් සමඟ ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු වයිරසය පැතිර යෑම පාලනය කිරීමේ දැඩි අරගලයක නිරත වී සිටිති.

ඉන්දියාවේ වෛද්‍ය පහසුකම් ධාරිතාව ඉතා සීමිත අතර දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එල්ල වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පැනවූ සීමා ලිහිල් කිරීමේ දෙවැනි අදියර සඳුඳා ආරම්භ වූ අතර ඒ අනුව තවත් ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ. කෙසේ නමුත් ඉන්දියාවේ ජනාකීර්ණම නගර ද තවමත් ලොක්ඩවුන් සීමා පනවා ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,80,298කි. තමිල්නාඩුවෙන් ප්‍රාන්තයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 94,049ක්, දිල්ලියෙන් 89,802ක් සහ ගුජරාට් ප්‍රාන්තයෙන් 33,232ක් වශයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබණි.

මේ අතර ඉන්දියාවෙන් අද පස්වරු අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 19,148කි.

 

එන්.ඩී.ටීවී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More