මහ මැතිවරණයට තවත් ඇත්තේ මාසයක පමණ කාලයකි. එහෙත් රට පුරා මහ මැතිවරණයක වෙනදා දකින උණුසුම දක්නට නොමැත. මෙය මෙතෙක් පැවති කිසිදු උණුසුමක් නොමැති මහ මැතිවරණය ලෙස හැඳින්විය හැකි තරමට සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පුරාම ඇත්තේ අතිශය මන්දගාමී ස්වභාවයකි.
ලොව පුරා ඇති අවිනිශ්චිතභාවය මෙන්ම මැතිවරණ කොමිසම විසින් වරින් වර පනවනු ලබන නීති රීති නිසා අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට විශාල අසාධාරණයක් වී තිබේ. ඒවා ඇතැම් විට පෙර පැවති නීති රීති වුවද මෙතෙක් ක්‍රියාත්මක නොවී එක්වරම ඒවා ක්‍රියාත්මක වූ විට අපේක්ෂකයන් අන්දමන්ද වේ. අනෙක් අතට මේ නව ක්‍රමය නිසා අතිශය ධනවත් අපේක්ෂකයන්ට හැර සාමාන්‍ය පුද්ගලයකුට මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීම අතිශය දුෂ්කර වී තිබේ. මේ නිසා මැතිවරණ කොමිසම ප්‍රායෝගිකව මේ ප්‍රශ්න දෙස බැලිය යුතුය. නීති පොතේ කොතෙක් නීති තිබුණ ද ඒවා ප්‍රායෝගික නොවේ නම් එතන ඇත්තේ විශාල ගැටලූවකි.
මැතිවරණ සටන
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් තමන්ගේ ප්රචාරක කටයුතු සඳහා තම පින්තූරය භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම් දී ඇත.
එසේම රජයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා ලෙසද රාජ්‍ය සේවයේ නිරත වන කිසිවෙකු දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය නොවිය යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.
මේ අනුව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් විසින් තමන් මැතිවරණ ප්රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයාගේ පින්තූර භාවිතා කරන බවට හා රාජ්‍ය සේවකයන් ඊට සම්බන්ධ කර ගන්නා බවටත් තොරතුරු ලැබී ඇති බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් සියලූ ආණ්ඩුකාරවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට සංස්ථා මණ්ඩල ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සටන මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධානත්වයෙන් සිදු කෙරේ.
විපක්ෂයේ බෙදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුවිශාල වාසියක් මෙවර මහ මැතිවරණයේදී අත් කරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂය මේ වන විට පසුගිය කාලයේ පක්ෂයේ පසුබෑමට හේතුවූ කාරණා හඳුනාගනිමින් බිම් මට්ටම ශක්තිමත් කර ගනිමින් නව ගමනක් ආරම්භ කර තිබේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා උප නායක රවී කරුණානායක, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් රට පුරා යමින් විවිධ දිස්ත්‍රික්කවල පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබේ. පක්ෂයේ ඉදිරි ගමනට ඇති බාධා ඉවත් කර යන ගමනේදී විශේෂයෙන් මහා සංඝරත්නය සම්බන්ධ කරගෙන නව වැඩපිළිවෙළක් දියත් කර තිබේ. ඒ අනුව නාරාහේන්පිට අභයාරාමයට ගිය රනිල් හා රවී අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ද හමුවී ආශිර්වාදය ලබා ගත්හ.
ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස රටේ ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙළක් දියත් කරමින් සිටී. තම පියාණන් වන දිවංගත රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ අඩිපාරේ යමින් නැති බැරි ජනතාව ඇති හැකි අය බවට පත් කරන්නට ඔහු ඔහුටම ආවේනික වැඩපිළිවෙළක් දියත් කර තිබේ.
කොරෝනා ව්‍යාප්තියේ පාලනය
රට තුළ කොරෝනා නැතැයි පැවසුණද ජනතාව පෙර මෙන් එළිපහළියට එන්නේ ඉතාම අඩුවෙනි.
බාහිර සමාජයේ කොරෝනා නැතැයි කීවද බාහිර සමාජයේ ජනතාවට PCR පරීක්ෂණ සිදු නොකරන නිසා ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් ගත නොහැක. අනෙක් අතට මේ නිසා ජනතාව කිසිදු ආකාරයකින් ප්‍රවේශම් නොවන තත්ත්වයක් ඇතිවී තිබේ. බාහිර සමාජයේ කොරෝනා නැතිනම් කුමට ප්‍රවේසම් වන්නේද යන ගැටලූව ජනතාවට තිබේ.
රෝගය සුව වූ එක්දහස් හත් සිය ගණනක් සාමාන්‍ය සමාජයේ ජීවත් වෙති. මොවුන්ගේ ශරීරවල කොරෝනා නැතැයි සියයට සියයක්ම කිව නොහැක.
මේ අය ජීවත් වන්නේ සාමාන්‍ය ජනසමාජයේ ජීවත්වන විට ඔවුන්ගෙන් සෙසු අයට රෝගය බෝ නොවන බවට ලබාදිය හැකි සහතිකය කුමක්ද?
එසේම ඔවුන් වරින් වර නිසි වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ යුතුව තිබේ. අනෙක් අතට නාවික හමුදා නිලධාරීන් යනු අපේ රටේ සාමාන්‍ය සමාජයේ ජීවත් වන පිරිස්ය. එසේම විදෙස් රටවල සිට මෙරටට පිරිස් රැුගෙන එන ගුවන් යානා කාර්ය මණ්ඩල ස්වයං නිරෝධායනය වන විට සිටින්නේ තම පවුලේ සාමාජිකයන් සමගය. එසේම ගුවන් නියමුවන් වරින්වර සේවයේ යොදවන්නට සිදුව තිබේ. එසේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් හා කාර්ය මණ්ඩලවල තත්ත්වය ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතුය.
මේ සියල්ල සැලකිල්ලට ගත යුතුය. එම නිසා බාහිර සමාජය අහඹු ලෙස හෝ ඡුක්‍ඍ පරීක්ෂණවලට ලක් කළ යුතුව තිබේ.
විශේෂයෙන්ම ලොවපුරා දෙවන රැුල්ලක් ඇති විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ. අසල්වැසි ඉන්දියාවේත් ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය ආදී රටවලත් නැවත ව්‍යාප්තියක් සිදුවෙමින් තිබේ.
පුද්ගලික අංශයේ සේවා කාලය
පුද්ගලික අංශයේ කාර්යාල 9.45 ට විවෘත කර සවස 6.45 වන තුරු පවත්වා ගෙන යන ලෙස රජය ගෙන ඇති තීරණය කිසිසේත් ප්‍රායෝගික නොවන බව අපගේ අදහසයි.
මේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයට මේ තරම් ප්‍රායෝගික නොවන තීරණ ඉදිරිපත් කරන්නට ඇත්තේ නිලධාරීන් හා උගතුන් යැයි කියාගන්නා පිරිස් විසින් බව දැන ගන්නට තිබේ. මේ නිසා උගතුන් පාර්ලිමේන්තු එවන විට ජනතාව දෙවරක් සිතිය යුතු තිබේ. රටට අවශ්‍ය වන්නේ ¥ෂිත නොවූ ප්‍රායෝගික දේශපාලනඥයින්ය.
මේ පුද්ගලික අංශයේ අයට ආණ්ඩුවෙන් ප්‍රවාහන සේවා ලබා දෙන්නේ නම් මෙය ක්‍රියාත්මක කළාට කමක් නැත. එහෙත් එවැන්නක් ප්‍රායෝගිකව සිදුවන්නේ නැත.
කොළඹ නගරයේ සේවය කරන කිලෝමීටර 20 ක් 25 ක් දුරින් ජීවත් වන පිරිස් සවස 5 ට සේවය අවසන්වී දැනටත් තම නිවෙස්වලට යන විට රාත්‍රී අට පමණවේ. මේ අයට සවස 6.45 ට සේවය නිමකර තම නිවසට යන විට ගත වන වෙලාව ගැන සිතා ගත නොහැක. පොදු ප්‍රවාහන සේවා රාත්‍රියට නොමැත. වගකිවයුත්තන් මේවා ගැන දන්නේ නැත.
ජීවන වියදමේ ප්රශ්නය
අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් වෙළෙඳුන් හා බහුජාතික සමාගම් විසින් සිත්සේ මිල ඉහළ දැමීම පාලනය කළ යුතුව තිබේ. මේ සඳහා රජය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක නව ව්‍යුහයක් ඇති කළ යුතුව තිබේ. එසේ නොකළොත් වෙළෙඳ මාෆියාවන් නිර්මාණය වීම වැළැක්විය නොහැක.
රට පුරා කහ හිඟයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් ආහාර පිසීමේදීත් සංස්කෘතික හා ආගමික කටයුතුවලදීත් ජනතාවට දැඩි දුෂ්කරතා ඇතිවී තිබේ.
රජය මගින් කහ ආනයනය තහනම් කිරීමත් සමග එතෙක් රුපියල් 500 ත් 600 ත් අතර වූ කහ කිලෝව රුපියල් 3000ත් – 3500ත් දක්වා ඉහළ ගිය අතර මේ වන විට එම මිලටවත් කහ මිලදී ගැනීමට නොමැත.
රජය කහ සඳහා කිලෝවකට රුපියල් හත්සිය පනහක පාලන මිලක් හඳුන්වා දීම හේතුවෙන් මේ වන විට කිසිදු සුපිරි වෙළෙඳ සලක කහ අලෙවි නොකෙරේ.
මේ වන විට කහ පාන් පිටි හා සෝයා පිටි සමග මිශ්‍ර කර විකිණීමද, අල ලූනු කන්ටේනර්වල කහ සඟවා ගෙන ඒමද සිදුවෙමින් පවතී. ඒ කහවලින් අධික ලාභ ලබා ගැනීමටය. අපේ රටේ කහ නිෂ්පාදනය මෙරට පරිභෝජනයට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.
ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළ ගොස් තිබියදී මෙරට කිරි පිටි මිල වැඩි කිරීම සඳහා කිරි පිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.
මේ වන විට ලෝක වෙළෙඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඩොලර් 2800 ක් පමණවේ. නැව් ගාස්තු හා ප්‍රවාහන වියදම් ලෙස තවත් ඩොලර් 200 ක් එක් කළ ද මෙරට ඩොලරයේ අගය හා සැසª කල එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 57000 කි. එවිට කිලෝවක් සඳහා වැය වන මුදල රුපියල් 570 කි. ශ්‍රී ලංකාවට කිරිපිටි කිලෝවක් ගෙන ඒමේදී රජය අය කරන්නේ රුපියල් දෙකක තීරු බද්දක් පමණි. කිරි පිටි සමාගම් මේ වන විට කිරිපිටි කිලෝවක් මෙරට අලෙවි කරනු ලබන්නේ කිලෝවක් රුපියල් 945 බැගිනි. ග්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රුපියල් 230 ක් පමණ වැය වන අතර මෙරට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 380 කටය.
එසේ තිබියදී කිලෝවක් රුපියල් 75 කින් වැඩි කිරීම සඳහා කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ. එහෙත් පාරිභෝගික අධිකාරිය ඒ සඳහා අවසර දී නොමැත. මෙසේ ලෝක වෙළඳපොළේ මිල මෙන් කීපගුණයක් ලාභ ලබන ව්‍යාපාර ගැන සොයා බලා ජනතාවට සහන සලසන්නට රජය පියවර ගත යුතුය.
ජනපතිට – අගමැතිටත් උඩින් ගිය නිලධාරී මාෆියාව
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් අත්හිටුවන ලද රියදුරු බලපත්‍ර දීර්ඝ කිරීමේ ටෙන්ඩරය කෙසේ හෝ ක්‍රියාත්මක කරන්නට ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් ¥ෂිත නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ මොහොතේ රජයේ ආදායම් ඉහළ නංවා නාස්තිය හා ¥ෂණය වළක්වා ගැනීම සඳහාත් රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහාත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටිති. එහෙත් ඒවා යටපත් කරමින් කටයුතු කරන මේ නිලධාරී මාෆියාව පාලකයන් විසින් දැන්වත් හඳුනා ගත යුතුව තිබේ.
බරපතළ ¥ෂණ චෝදනා එල්ලවී තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණ ටෙන්ඩරය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කරන ලද අතර ඒ අනුව මෙම ටෙන්ඩරය තවත් වසර දෙකක් සඳහා දීර්ඝ කිරීමට අදාළව 29 වැනිදා අත්සන් තැබීමට නියමිතව තිබූ ගිවිසුමද නවතා දමන ලදී.
එහෙත් මෙම රියදුරු බලපත්‍රයට අදාළ ගිවිසුම දීර්ඝ කර ගැනීමටත් ¥ෂිත ඊ – මෝටරින් ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කෙසේ හෝ සිදු කරන්නට තරම් මේ නිලධාරීන් කිසිදු බියක් නොමැත.
මෙම රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුත්ත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටම කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසන අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පවා දැනුවත් කර ඇත. වේරහැර පරිශ්‍රයේ සේවකයෝද මෙය දෙපාර්තමේන්තුව මගින් සිදුකරන්නට සූදානමින් සිටිති. එහෙත් ඒ සියල්ලන්ටම වඩා නිලධාරී මාෆියාව බලවත්ව තිබේ. එහෙත් තව මාස කීපයකින් හෝ එය දෙපාර්තමේන්තු සේවකයන් ලවා සිදු කර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දැඩි තීරණ ගෙන තිබේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...