මත්ද්‍රව්‍ය සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු මත් රකුසාගෙන් ශ්‍රී ලාංකිකයන් ගලවාගැනීමේ රාජකාරිය බාරව සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ය. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීහු 16 දෙනකු සහ සිවිල් පුද්ගලයින් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව සිටිති.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ආධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම යන සිද්ධිවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් හෙරොයින්, ජාවාරම්කරුවන්ට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12 දෙනකු ලබන 08 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම දෙපාර්තමේන්තුවට ඊයේ (02) අවසර දුන්නාය. විෂ හා අබිං අන්තරාදායක පනතේ 80 වන වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය ඊට අවසර දුන්නේය.
මෙලෙස රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක විමලසේන ලයනල්, උපපොලිස් පරීක්ෂක සීක්කුවාවසම් ගයාන් තරංග ප්‍රේමරත්න සිල්වා, උපපොලිස් පරීක්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්සේලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73684) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ යන අයයි.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ නීතිඥ කසුන් සරත්චන්ද්‍ර, රජයේ නීතිඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්වරුන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව, උපපොලිස් පරීක්ෂක උපාලි යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ටයිල් මුදලාලිට කෝටි 10ක්
හෙරොයින් ග්‍රෑම් 5ක් සන්තකයේ තබාගෙන සිටි බව කියමින් චමින්ද ප්‍රියංකර දයා මල්ලවාරච්චි නමැත්තකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත්, ඔහු වෘත්තියෙන් ටයිල් ව්‍යාපාරිකයකු වන අතර සිදුකරන ලද විමර්ශනයේදී ඔහුගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 10ක මුදලක් තිබූ බවට අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙම සැකකරුගේ බැංකු ගිණුමට මෙම මුදල් ලැබී ඇත්තේ දින 10ත් 15ත් අතර කාලයකදී වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනය කර පසුව හෙරොයින් කිලෝග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 137 ක් සමග ඔහුගේ ඥාතියකු වන සල්පදූවගේ සුනෙත් නමැත්තකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රශ්න කිරීම් සිදුකිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බවත් එහි ප්‍රධානියා ලෙස පත්ව සිටියේ උපපොලිස් පරීක්ෂක උදාර නමැති නිලධාරියා බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම විශේෂ කණ්ඩායමේ උදාර නමැති නිලධාරියා සැකකාර මිනුවන්ගොඩ මල්ලවාරච්චි නමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් එහිදී ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා හෝ මැයි මස 02 වැනිදා අතර කාලය තුළදී ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඔහුගෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක් ලබා ගත් බවට සැකකරු සඳහන් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
“හෙරොයින් කිලෝග්‍රෑම් 90 ක් එනවා ඒ ටික ළඟ තියාගන්නා” ලෙසට මල්ලවාරච්චි නමැත්තාට දැනුම් දී ඇත්තේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධූෂ්ගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ගිහාන් ෆොන්සේකා නමැත්තා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
“මේ දවස්වල කොරොනා තත්ත්වය නිසා ඇඳිරිනීතිය. ඒ නිසා ඒවා මට ළඟ තියාගන්න බැහැ” යනුවෙන් සැකකාර මල්ලවාරච්චි නමැත්තා සඳහන් කළද, ගිහාන් ෆොන්සේකා සඳහන් කර ඇත්තේ …..
“මේවා ගෙනත් දෙන්නේ පොලිස් නිලධාරීන්. ඒ නිසා ඒ ටික භාරගන්න….”
යනුවෙන් බවත් මෙම හෙරොයින් පාර්සල්වලින් කිලෝ දෙකක් සහිත බෑගයක් ඉරී තිබීම හේතුවෙන් ඒවා ඡායාරූප ගත කර වට්ස්අප් මාර්ගයෙන් ඩුබායි සිටින ගිහාන් ෆොන්සේකා යන අයට යවා ඇති බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
පසුව වෙනත් හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් මල්ලවාරච්චි නමැත්තා අත්අඩංගුවට පත්වන අතර, ඔහුගෙන් උදාර නමැති නිලධාරියා ප්‍රශ්න කරනු ලබන බවත් එහිදී සැකකරු සඳහන් කර ඇත්තේ ‘මේ හෙරොයින් මට ගෙනල්ලා දුන්නේ මේ වගේ නිලධාරියෙක්” යනුවෙන් බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම විමර්ශන නිලධාරීන් නැවත වැටලීම් ස්වරූපයෙන් සැකකාර මල්ලවාරච්චිගේ නිවසින් හෙරොයින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කීවේය.
මෙම නාකොටික් නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බලපිටිය ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 234 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එහිදී ඔවුන් හෙරොයින් කිලෝග්‍රෑම් 136 ක් කොළඹට එවා මාදිවෙල, පාර්ලිමේන්තුව ආසන්නයේ ස්ථානයකදී ඒවා මාරුකරනු ලැබ ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඇඳිරිනීතිය පනවා තිබූ කාලසීමාවේදී නාකොටික් පොලිස් නිලධාරීන් මෙම හෙරොයින්වලින් කිලෝ 90 ක් මල්ලවාරච්චි නමැත්තාට ලබා දෙන අතර, ඒවා කොට්ටාව ප්‍රදේශයේදී බාර ගනු ලබන්නේ “ලොකූ” නමැති පුද්ගලයකු විසින් බවත්, ලොකූ නමැති ජාවාරම්කරු පොලිස් නිලධාරීන්ගෙන් වාහනය රැගෙන පිටව යද්දී එහි සිටි නිලධාරීන් දෙදෙනා වාහනයෙන් බැස කඩයක් අසලට ගොස් සිටින බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඊට ටික වේලාවකට පසුව නැවතත් හිස් වාහනය ගෙනැවිත් පොලිස් නිලධාරීන් වෙත බාරදෙනු ලබන අතර මේ සම්බන්ධයෙන් වූ සියලු සිද්ධි සී සී ටී වී කැමරා දර්ශනවල පටිගත වී ඇති බවත්, අත්අඩංගුවේ පසුවන මේ සැකකරුවන් සම්බන්ධයෙන් කාරණා හයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.
සැකකරුවන්ගේ සොරකම්
2020 අප්‍රේල් මස 15, අප්‍රේල් මස 30, මැයි මස 15 යන කාලවල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සේවය කරමින් මෙහි ප්‍රධාන සැකකරුවන් හතර දෙනා සහ මෙම සැකකරුවන් 12 දෙනා එහි තිබූ නඩු භාණ්ඩ ජාවාරම් කර ඇති බවත්, අප්‍රේල් මස 15 වැනිදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 ක් සහ හෙරොයින් කිලෝ 8 ක්, අප්‍රේල් මස 02 වැනිදා අත්අඩංගුවට ගත් මත්පෙති කිලෝ 581යි ග්‍රෑම් 34 ක් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 664 ක් මෙම සැකකරුවන් සොරකම් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
බාගයක් උසාවියට – ඉතිරිය ඔවුන් ළඟ
කෝටි 3 ක මුදල් වැළළූ තැනින් සොයාගනී
(*** නිමන්ති රණසිංහ)
Lankadeepa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...