2017 අ.පො.ස සා.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව ඩයලොග් දුරකථන සබඳතාවක් සහිත ජංගම දුරකථන හිමියන්ට EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට 7777 ට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.
තවද ඔබේ ඇන්රොයිඩ් ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප් හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතියි.
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය වසරේ (2017) දෙසැම්බර් 12 දා සිට 21 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 5116 කදී පැවැත්විය.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයඳුම්කරුවන් හය ලක්ෂ 88,573 ක් පෙනී සිටියේය.
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව සිසු සිසුවියන් 06 දෙනෙකු ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට සමත් වී තිබේ. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මෙතනින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...