ව්‍යාපාරික පුවත්

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇති අතර කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් පේමසිරි, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් ආර්.එම් දයා රත්නායක යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

කමිටුවට පැවරී ඇති කාර්යයන් මෙසේය.

01. ජයබහලු පර්යන්තයට අදාල ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය හා ඒ ආශ්‍රිත ගැටලු අධ්‍යයනය,

02. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ගැඹුරු නැංගුරම් ධාරිතාව වැඩිකිරීම සහ නවීකරණය පිළිබඳ කැබිනට් තීරණ සහ 2017 ජූලි 26 දින ගනු ලැබූ කැබිනට් තීරණ පිළිබඳව මුදල් අමාත්‍යවරයා කළ නිරීක්ෂණයන්ට අනුව සිදුවනවාදැයි පරීක්ෂා කිරීම,

03. යන්ත්‍රෝපකරණ ගෙන්වීමට ප්‍රථම ජයබහලු පර්යන්තය වැඩිදියුණු නොකළේ මන්දැයි සොයා බැලීම,

04. ඉල්ලීමක් නැතිව ආරම්භ කළ ප්‍රසම්පාදන පටිපාටිය සහ ඉන් ඇති වූ පිරිවැය ප්‍රතිවිපාක සහ පර්යන්තය ගොඩනැගීමට පෙර යන්ත්‍රෝපකරණ නැව්ගත කිරීම පිළිබඳ සොයා බැලීම,

05. ශ්‍රී ලංකා රජය ඉන්දියාව සහ ජපානය සමඟ කොළඹ වරාය, විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබඳ අධ්‍යයනය,

06. ඉහත සඳහන් 1,2 සහ 3 වන අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය, රේඛීය අමාත්‍යාංශ සහ රජය විසින් ගන්නා ලද  තීරණ පිළිබඳ මූල්‍යමය ප්‍රතිවිපාක සහ පිරිවැය ප්‍රතිවිපාක විශ්ලේෂණය.

07. ඉහත සඳහන් කළ ක්‍රියා පිළිබඳ වගවියයුත්තන් කවුරුන්ද යන්න හඳුනාගැනීම,

08. වෙළඳ, නාවික සහ දේශීය විදේශීය ආයෝජනයන් තුළින් උපරිම ප්‍රයෝජනයක් ගතහැකි වන ආකාරයෙන් ඉහත සඳහන් පර්යන්ත 02ක සංවර්ධනයට යෝජනා ඉදිරිපත් කිරීම.

ඊයේ (03) සිට දින 45ක් ඇතුළත අදාළ රේඛීය අමාත්‍යාංශ සහ පාර්ශවකරුවන් සම්බන්ධකොට කමිටුව විසින් වාර්තාව ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More