ඇමෙරිකානු එම්. සී. සී. ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂය මේ දිනවල තොරතෝංචියක් නැතිව විවිධ ප‍්‍රකාශ කරයි. එහෙත් රටේ සාමාන්‍ය ජනතාවට මේ එම්. සී. සී. ගිවිසුම කුමක්ද යන්න ප‍්‍රශ්නයකි.
ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම පිටුදැකීම සඳහා ඇමෙරිකාව මූල්‍යාධාර පිරිනැමීම ලෙස දක්වමින් එම්. සී. සී. ගිවිසුම හඳුන්වා ඇතත් සත්‍ය තත්ත්වය ජනතාවට වසන් වී තිබේ.
මේ එම්. සී. සී. ගිවිසුම පසුබිමේ ඇමෙරිකාව ඇක්සා සහ සෝෆා නමින් තවත් ගිවිසුම් දෙකක් ක‍්‍රියාත්මක කර තිබේ. එම ගිවිසුම් දෙක ඇමෙරිකානු යුද මූලෝපායන්හි කොටස්කරුවන් වේ.
දිළිඳුකම පිටුදැකීම සඳහා ඩොලර් මිලියන 480 ක් මෙරටට ප‍්‍රදානය කිරීමට ඇමෙරිකාව ඉදිරිපත් වූයේ ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට නොවේ.
චීනය වසර 99 කට හම්බන්තොට වරාය බදු ගැනීමත් සමගම ඇමෙරිකානු සී. අයි. ඒ සංවිධානය දක්වා තිබුණේ ඉන්දීය සාගරයේ ජාත්‍යන්තර නැව් මාර්ග පාලනය කිරීමට චීනය ක‍්‍රියාකරන බවයි.
ඒ සමගම ජපන් ආරක්‍ෂක ඇමැතිවරයා හම්බන්තොට වරාය වෙත පැමිණ නිරීක්‍ෂණය කළේය. අනතුරුව පැමිණියේ ප‍්‍රංශ තානාපතිවරයායි.
යහපාලන රජය හම්බන්තොට වරාය චීනයට බදු දීම නිසා විදේශ බලවතුන්ට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට රජය පාර කැපුවේය.
මෙයට පෙර කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය තුළින් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බව දන්වමින් ඊට අවසර නොදෙන ලෙස ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් කළ ඉල්ලීම එවකට ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂ ප‍්‍රතික්ෂේප කළේය.
මෙම පසුබිම මැද යහපාලන රජය ඇක්සා ආරක්‍ෂක ගිවිසුම අත්සන් කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැපවී ඇතැයි හඬ නැඟූ යහපාලන රජය මෙම එම්. සී. සී. -x සෝෆා සහ ඇක්සා ගිවිසුම් ජනතාව වෙත ඉදිරිපත් කර ජනතා අදහස් විමසුවේ නැත.
මෙවන් තත්ත්වයක් මත කොළඹ සිටින ඇමෙරිකානු හිතවාදීහු එම්. සී. සී. ගිවිසුමෙන් ශ‍්‍රී ලංකාවට වාසි සිදුවන බවට තර්ක කරති.
ඒ සඳහා කොළඹ ප‍්‍රධානතම ඇමෙරිකානු ඒජන්තවරයා ද ක‍්‍රියාත්මක වී ඇත.
මෙම ඇමෙරිකානු එම්. සී. සී. ගිවිසුම යළි මතුවූයේ මේ වසරේ ජුනි 19 දා කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ඇමෙරිකානු තානාපති කාර්යාලය සමග සබඳකම් පවත්වන මාධ්‍ය පාර්ශ්ව කිහිපයක් සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡුාවක් පැවැත්වීමයි.
ඇය එහිදී පැවසුවේ එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම ගැන තීරණය මැතිවරණයෙන් පසුව සිදුවන බවය.
මෙම එම්. සී. සී. ගිවිසුම ඉඩම් පරිපාලනය සහ ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයට අදාළව පස් වසරක කාලයක් තුළ සිදුවන බව ද ඇය වැඩිදුරටත් කියා සිටි සිටියාය.
මේ අතර ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාවෙන් එම්. සී. සී. ගිවිසුම අත්සන් නොකළ යුතු බවට නිර්දේශ කර සතියක් ගතවීමට පෙර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඒ ගැන විදේශ කටයුතු ඇමැතිවරයාගෙන් කරුණු විමසා ඇත.
මෙකී එම්. සී. සී. ගිවිසුමට අඩිතාලම දැමුවේ යහපාලන රජය වන අතර එහි කාර්යාලය ස්ථාපිත කර තිබුණේ අගමැති කාර්යාලයේ බව අනාවරණය විය.
මේ තත්ත්වය මැද රජය මුහුණපා ඇත්තේ එම්. සී. සී. ගිවිසුම අත්සන් කළ යුතු ද නැද්ද යන දෙගිඩියාවෙනි.
මෙම ගිවිසුම අත්සන් කළ යුතු බවට බලපෑම් රැුසක් රජයට යොමු වී තිබේ.මෙය ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ බරපතළ තර්ජනයකි.
මෙහිදී නැෙඟන බරපතළ ප‍්‍රශ්නය නම් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා විදේශ ඇමැති වෙත යොමු වී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමටද?
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නව හමුදා සැලසුම් කෙටුම්පත් කරන්නේ ඉදිරි වර්ෂ 10-x15 ත් අතර සඳහායි. එහිදී දෙකඩවන රටවල්, අර්බුද පවතින රටවල්, අලූතින් හමුදා කඳවුරු ස්ථාපිත කළ යුතු රටවල් ගැන අධ්‍යයනය කෙරේ.
එම්. සී. සී., ඇක්සා සහ සෝෆා එම හමුදා සැලසුමට අයත් ගිවිසුම් වේ.
මේ සඳහා ඉදිරිපත් කර ඇති තවත් උපක‍්‍රමයක් නම් හමුදාවකින් තවත් හමුදාවකට සහාය දැක්වීමේ ක‍්‍රියාදාමයයි.
ඊට යුද අභ්‍යාස පැවැත්වීම් ඇතුළත් වේ.
යහපාලන රජයේ ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ඇක්සා ගිවිසුම් අදාළ පිටු නවයක කැබිනට් සන්දේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
එහෙත් විදේශ කටයුතු බලධාරීන් එම තීන්දුවට අදාළ පිටු 83 ක් හිටපු ජනපති වෙත යොමුකර නොතිබිණි.
මෙරට ජාතික ආරක්‍ෂාවට අදාළ මේ ඇක්සා හෙවත් ආරක්‍ෂක වාර්තාව ජනතාවගේ අවධානයට යොමුවූයේ නැත.
ඉන්පසු ඇමෙරිකානු සෝෆා ආරක්‍ෂක වාර්තාව යහපාලන රජයට ඉදිරිපත් වූ අතර එය මහත් ප‍්‍රමෝදයෙන් යුක්තව භාරගැනීමට එම රජයේ විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ක‍්‍රියා කළේය.
එම සමයේ ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා මත්තලට සහ චීන වරාය ගුවන්තොටුපළට සම්ප‍්‍රප්ත විය.
මේ සියලූ ක‍්‍රියාදාමයන් ඇමෙරිකානු යුද සැලසුම්වල අංගයකි. 2018 ව්‍යවස්ථාමය අර්බුදයක් මතුවූ අවස්ථාවේ පාර්ලිමේන්තුව වෙත දිවගියේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස්ය.
ඉන්පසු ඇමෙරිකානු යූ. එස්. ඒඞ්. ආයතනය පාර්ලිමේන්තු සන්නිවේදන කටයුතුවලට මැදිහත් විය. මෙවන් ක‍්‍රියාදාමයක් තුළින් පිළිබිඹුවන්නේ ඇමෙරිකානු මැදිහත්වීමයි.
එසේම ඇමෙරිකාව විසින් රුසියාවට සම්බාධක පැනවූ අවස්ථාවේ රුසියාවෙන් අවි ආයුධ මිලට ගැනීමෙන් වළකින ලෙස ඇමෙරිකානු බලධාරීන් හිටපු ජනපති වෙත පවසා තිබිණි.
පසුගියදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යුද අපරාධ චෝදනා මත හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ පවුලේ අයට එරටට පැමිණීම තහනම් කළේය. හමුදා නිලධාරියකුගේ පවුලේ පිරිසකට තහනමක් පැනවූ මුල් වතාව මෙයයි.
මෙම තහනම තවදුරටත් ක‍්‍රියාත්මක වේ.
මේ අතර යහපාලන රජය යටතේ ඇමෙරිකානු යුද නැව්වලට භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා ත‍්‍රිකුණාමල වරාය සහ කටුනායක ගුවන්තොටුපළ ද භාවිත විය.
කටුනායක ගුවන්තොටුපළට ගෙන එන ලද ඇමෙරිකානු භාණ්ඩ අනාවරණය කිරීමට ඇමෙරිකානු හමුදාව ක‍්‍රියා කළේ නැත.
ඇමෙරිකානු ගුවන් සහ නාවික යාත‍්‍රාවලට ලොව ඕනෑම තැනකට භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ හැකියාවක් ඇතිවිටෙක කටුනායක සහ ත‍්‍රිකුණාමල වරාය ඔස්සේ භාණ්ඩ ප‍්‍රවාහනය කරන්නේ කුමකටද?
මෙහිදී අවධානයට ලක්විය යුතු කරුණ නම් ත‍්‍රිකුණාමල වරාය ද හම්බන්තොට වරාය ද උපාය
මාර්ගික කේන්ද්‍රස්ථාන වීමයි.
ඉන්දීය සාගරයේ ආරක්‍ෂක මෙහෙයුම් උදෙසා ඇමෙරිකාවට මේ ස්ථාන අතිශයින්ම වැදගත් වේ.
එහි එක් පියවරක් ලෙස ඉන්දීය සාගරයේ පිහිටි දියාගෝ ගාර්ෂියා ¥පත් බි‍්‍රතාන්‍යයෙන් ලබාගැනීමට ඇමෙරිකාව ක‍්‍රියා කළේය.
එසේම ඇමෙරිකාවේ අතීතය ද සිහිපත් කළ යුතුයි. ශ‍්‍රී ලංකා නාවික හමුදාව ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇමෙරිකාවෙන් කරේජස් නමැති ප‍්‍රහාරක යාත‍්‍රාව අලූත්වැඩියා කර මෙරටට ගෙන ඒමට පෙර එහි චීන අවි සවි කිරීමට ඉඩ දුන්නේ නැත.
මේ හැර හම්බන්තොට අධිතාක්‍ෂණික රේඩාර් පද්ධතියක් ස්ථාපිත කරදීමට ද ඇමෙරිකාව ඉදිරිපත් විය.
ඒ ශ‍්‍රී ලංකාව අවට සැරිසරන චීන යුද නැව් නිරීක්‍ෂණය කිරීමටය.
මේ අතර කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා රජය ජතාවගෙන් ආධාර පතන අවස්ථාවේ කැනඩා රජය රුපියල් මිලියන 75 ක මුදලක් කොළඹ ජාතික සාම මණ්ඩලය නමැති රාජ්‍ය නොවන සංවිධානයට ලබාදී ඇත.
මේ සංවිධානය සෞඛය කටයුතු කරන සංවිධානයක් නොවේ. ශ‍්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත හෝ ශ‍්‍රී ලංකා රජයට මෙම මුදල ලබා නොදී සාම මණ්ඩලයට රුපියල් ලක්‍ෂ 75 ක මුදලක් ලාබාදීමේ යටි අරමුණ කුමක්ද?
කැනඩා රජය ශ‍්‍රී ලංකාවට විරුද්ධ රටකි.
එසේ නම් කැනඩාව විශාල මුදල් සම්භාරයක් ලබාදුන්නේ කොරෝනාවට මුවා වී මැතිවරණය සඳහා ක‍්‍රියාකිරීමටද?
එම්. සී. සී. ගිවිසුම ගැන රජයත් විපක්‍ෂයත් එකිනෙකා චෝදනා කරගන්නා අවස්ථාවේ මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත් වන ජාතික සාම මණ්ඩලයට පැෆරල් සංවිධානය රුපියල් මිලියන 56 ක් ලබාදීම අබිරහසකි.
මෙයට පෙර පැවති මහ මැතිවරණවලදී රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට විදේශ අරමුදල් ලැබිණි.
පසුව හෙළිවූයේ බටහිරට හිතැති රජයක් පත්කරගැනීමේ අරමුණින් මේ මුදල් ලබාදී ඇති බවයි.
මෙලෙස කැනඩාව සහ නෝර්වේ රටවල් රුපියල් මිලියන 13.1 ක් රාජ්‍ය නොවන සංවිධාන දෙකකට විදේශ අරමුදල් ලබාදීම ගැන වත්මන් රජය වහාම විමර්ශන කළ යුතුයි.
මන්ද යත් මේ සංවිධාන දෙකට කොරෝනා මර්දනය කිරීමේ හැකියාවක් නැති අතර රජයේ සෞඛ්‍ය සේවා කටයුතුවලට මැදිහත්විය නොහැක. කැනඩාව සහ නෝර්වේ ආණ්ඩු විසින් කොරෝනා වසංගතය එම්. සී. සී. අර්බුදය මැද රුපියල් මිලියන 13.1 ලබාදුන්නේ ශ‍්‍රී ලංකාවේ කොරෝනා වසංගතය මර්දනයට නොවේ.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...