සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි එකොළොස් ලක්ෂය ඉක්මවා තිබේ.
ලොව පුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ විසි අටදහසට අධිකය.
අමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් දිනපතා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ගණන තවදුරටත් වැඩිවෙමින් පවතියි.
විදෙස් වාර්තා පවසන්නේ මේ තත්ත්වය හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග නැවත වරක් දැඩි විවේචනයට ලක්ව ඇති බවය.
දෛනිකව වාර්තා වන වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවත් සමඟ ඇතැම් ප්‍රාන්ත නැවත විවෘත කිරීම් කල් දැමීමටත් වයිරසය පැතිර යෑම වැළැක්වීමට පැනවූ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් පියවර ගෙන තිබේ.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ද වෛරසය පැතිර යෑමේ කේන්ද්‍රස්ථානයකි.
එම ප්‍රාන්තයේ වෛරසය ආසාදනය වූ බව හඳුනාගත් පිරිසගේ සංඛ්‍යාව සියයට 37කින් ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසගේ සංඛ්‍යාව පසුගිය සති දෙකක කාලයේදී සියයට 56කින් ඉහළ ගොස් තිබුණි.
ඊයේ දිනයේත් එරටින් ආසාදිතයින් පනස් දහසකට වැඩි පිරිසක් වාර්තා වූයේ දෛනික ආසාදිතයන් පනස්දහස ඉක්මවූ අඛණ්ඩ තෙවැනි දිනය සටහන් කරමිනි.
අද වන විට අමෙරිකාවෙන් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන විසි අට ලක්ෂ අනූදහස ඉක්මවයි.
එරට සමස්ත මරණ සංඛ්‍යාව 132,000 කට අධිකයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...