විදේශ පුවත්

ඉන්දියාවට බලපා ඇති අධික මෝසම් වර්ෂාව හේතුවෙන් එරට කොරෝනා අවදානම තවදුරටත් ඉහළගොස් තිබෙනවා. ඒ හේතුවෙන් එරටින් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා වුණි. ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 22,721 ක්. එම කාලය තුළ කොරෝනා මරණ 444 ක් ද ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන හයලක්ෂ 51,065 ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර මේ වනවිට ඉන්දියාව පසුවන්නේ සිව්වන ස්ථානයේයි. ඉහළම කොරෝනා ආසාදිතයින් වාර්තා වන ආසියානු රට වන්නේ ද ඉන්දියාවයි.

මෝසම් වර්ෂාව ඉදිරි පැය 48 තුළ ද ධාරානිපාත ලෙස පැවතිය හැකි බැවින්, වෙරළ තීරයෙන් හැකිතාක් ඈත්ව සිටින ලෙසයි ඉන්දීය රජය මුම්බායි නගර වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ. සෑම වසරකම මෝසම් වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ ප‍්‍රදේශ රැසක් ජලයෙන් යටවන අතර, මෙවර ඒ හේතුවෙන් කොරෝනා ආසාදිතයින් ගණන තවත් සීඝ‍්‍රයෙන් ඉහළ යා හැකි බවයි එරට සෞඛ්‍ය බලධාරීන් අනුමාන කරයි. පවතින වසංගත තත්ත්වය හමුවේ ගංවතුරින් වාසස්ථාන අහිමි වූවන් තාවකාලික මධ්‍යස්ථාන කරා යොමු කිරීම ද අර්බුදකාරී වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More