මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන වාසුදේව නානායක්කාර මහතා පළමුවෙන්ම මැතිවරණයකට තරග කර ඇත්තේ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිඇල්ල ආසනයටය. එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා ඉන් අනතුරුව ද මැතිවරණ කිහිපයක්ම ජය ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. ජනාධිපතිවරණ දෙකකට ද තරග කර ඇති නානායක්කාර මහතා ඇමැතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ද වන වාසුදේව නානායක්කාර මහතා අගෝස්තු මස 05 වන දින පැවැත්වෙන මැතිවරණයට තරග කරන්නේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ති‍්‍රක්කයෙනි. ඉදිරි මැතිවරණය පිළිබඳව ඒ මහතා දැක්වූ අදහස් පහත පරිදි වේ.
ප‍්‍රශ්නය – ඔබ උපන් ගම් ප‍්‍රදේශය ගාල්ල එසේ වුවත් ඔබ 1970 පැවති මහ මැතිවරණයට තරග කරන්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ කිරිඇල්ල ආසනයෙන්.
ගාල්ලේ උපන් ඔබ කිරිඇල්ලෙන් තරග කළේ ඇයි?
පිළිතුර – මම ලංකා සමසමාජ පක්ෂයට බැඳෙන කොට මගේ වයස අවුරුදු 18 යි. පක්ෂය විසින් මට අවිස්සාවේල්ල ආසනයේ සංවිධාන කටයුතු පැවරුවා. එම නිසා මම අවිස්සාවේල්ලේ උසාවියට යන්නත් පටන් ගත්තා. ඡන්දය කරන්න ඕන නිසා තමයි අවිස්සාවේල්ලේ උසාවියට ගියේ.
1970 මහ මැතිවරණයට ලංකා සමසමාජ පක්ෂය තරග කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් සමග නිතරග පදනම යටතේ. එම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එම මැතිවරණයේදී කිව්වා අවිස්සාවේල්ල ආසනය අපේ පක්ෂයට දෙන්න බැහැ කියලා. එම ප‍්‍රශ්නය එතැනින් එහාට ගෙන යන්න බැරි වුණා.
අවිස්සාවේල්ල ආසනයට යාබදව තමයි කිරිඇල්ල ආසනය පිහිටා තිබෙන්නේ. එම ආසනයේ හිටපු ලංකා සමසමාජ පක්ෂයේ මන්තී‍්‍රවරයා වූ විජේසුන්දර අපේ පක්ෂයෙන් ඉවත් වූවා. එම නිසා ඇති වුණ ඇබෑර්තුවට, හිස්තැනට මට යන්න කියලා කිව්වා. අවිස්සාවේල්ල උසාවියට ඇහැලියගොඩ පොලිසියත් අයිති නිසා යම් සම්බන්ධයකුත් තිබුණා.
ප‍්‍රශ්නය – මෙවර මහ මැතිවරණයට ඔබ තරග කරන්නෙත් කිරිඇල්ල ආසනය පදනම් කරගෙනද?
පිළිතුර – ඔව්, කිරිඇල්ල සහ ඇහැලියගොඩ පදනම් ප‍්‍රදේශය කරගෙන. ගිය පාර ඡන්ද 28000 ක් ලැබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතාට ඡන්ද 40000 ස් ගණනක් ලැබුණා. මගෙත් ඉලක්කය එම ගණනට යන්න තමයි. දිස්ති‍්‍රක්කයෙන්ම මනාප 81000 ලැබුණා. එය ලක්ෂය දක්වා ගෙනියන්නත් බලනවා.
ප‍්‍රශ්නය – මැතිවරණ කිහිපයකටම තරග කර තිබෙන ඔබ මෙවර මැතිවරණය සඳහා ඇති සූදානම කොහොමද?
පිළිතුර – පළමු සූදානම තමයි පරම්පරා කිහිපයකට රත්නපුර දිස්ති‍්‍රක්කයට මගේ ඇති සම්බන්ධය මතක් කර දීම. මම එම ප‍්‍රදේශයට ගිහින් මේ වනවිට වසර 50 කටත් වැඩියි. මම පළමුවෙන්ම එම ප‍්‍රදේශයට යනකොට කුඩා වියේ සිටිය ළමයි මේ වනවිට මැදිවියේ මිනිසුන් බවට පත් වෙලා. අලූතින් උපන්න අය තරුණයන් බවට පත් වෙලා. ඒ වගේම තවත් පරපුරකුත් සිටිනවා. එහෙම බැලූවහම මම පරම්පරා තුනකට සම්බන්ධයි.
එහෙත් අලූත් අය දන්නේ නැහැ ඊට පෙර කාලයේ සිද්ධ වූ දේවල්. රටේ සිද්ධ වූ දේවල් දන්නෙත් නැහැ. එම සිද්ධීන්වලට අපට ඇති සම්බන්ධය ගැන දන්නෙත් නැහැ. එම සිදුවීම් මතක් කර දීම තමයි පළමු සූදානම. ඒ යටතේ අපගේ ආණ්ඩු කාලවලදී ජනතාව වෙනුවෙන් කළ දේවල් මතක් කර දීමට කටයුතු කරනවා. ඉඩම් බෙදා දීම, භාෂා පෙරළියක් සිදුවීම, ගම්වල පාරවල් සැදීම ඇතුළු ඇතිවූ දියුණුව. මේ වනවිට සියලූ දෙනාටම විදුලිය තිබුණත් ඒ වනවිට කී දෙනකුට විදුලිය තිබුණ ද යන කාරණා පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීමට කටයුතු කරනවා. මොකද, සමහරුන් සිතා සිටිනවා හැමදාම සෑම දෙනාටම විදුලිය තිබුණා කියලා.
ප‍්‍රශ්නය – මේ වනවිට ඔබ මැතිවරණ කිහිපයකට තරග කර තිබෙනවා. එම මැතිවරණවලට සාපේක්ෂව මෙම මැතිවරණයේදී ඔබ දකින විශේෂ ලක්ෂණ මොනවාද?
පිළිතුර – දිස්ති‍්‍රක්ක පදනමයි, මනාප තරගයයි නිසා මැතිවරණ ක‍්‍රමය විකෘති වෙලා තිබෙන්නේ. එම විකෘති ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ප‍්‍රකෘතිය කරා ගෙන ඒමේ වුවමනාව ප‍්‍රබල ලෙස මම දකිනවා. මගේ ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රධාන කාරණයක් බවට එය පත්වී තිබෙනවා. ඒ සඳහා 2/3 ක බලයක් දක්වා යායුතුයි.
මෙම ඡන්ද ක‍්‍රමය තුළ ඡන්ද ආයතන බලරහිත කර තිබෙනවා. ඒ වගේම පත් වන මන්තී‍්‍රවරයා ජනතාවගෙන් ඈත් කර තිබෙනවා. ඊළඟට මුදල් බලය ප‍්‍රධාන වෙලා තිබෙනවා. දැන් බලන්න දැන්වීම් දාන්න පුළුවන් රූපවාහිනියේ පමණයි. පෝස්ටර් ගහන්න බැහැ. රැස්වීමක් තබන ස්ථානයේ නම් පෝස්ටර් සහ කටවුට් ගහන්න පුළුවන්. ඒ වගේම ගෙවල්වලට කොල බෙදන්න පුළුවන්. රූපවාහිනි මාධ්‍යයේ දැන්වීම් පළ කරන්න පුළුවන් වුවත් ඒ සඳහා විශාල වශයෙන් මුදල් වැය වෙනවා. මුදල් තිබෙන අය දැන්වීම් දානවා. බැරි අය නිකන් ඉන්නවා. ඒ විදිහට දැන්වීම් දාන්න මටත් මුදල් නෑ.
මම මට හිතවත් තරුණ පිරිස සමග සම්බන්ධ වෙලා ෆේස්බුක් එකේ ලොකු වෑයමක් දරමින් සිටිනවා.
වුවමනාම දේ තමයි මෙම ඡන්ද ක‍්‍රමයෙන් ගැලවෙන එක. එහෙම නැති නම් මෙම ඡන්දය මුදල් තිබෙන අය ඔවුන්ගේ බෑග් එකේ දාගෙන යනවා.
මෙම ඡන්ද ක‍්‍රමය තුළ තිබෙන නරකම දේ තමයි දිස්ති‍්‍රක්කය පුරාම ගිහින් අලූත් පොරොන්දු ලබාදීලා ඡන්දය ලබා ගන්න පුළුවන් වීම. ඡන්ද අපේක්ෂකයාගේ පදනම් ප‍්‍රදේශයේ ඡන්ද දායකයන්ට ඔහුව එපා වුණත් සෙසු ප‍්‍රදේශවල ඡන්දවලින් පත්වීමේ හැකියාව මෙම ක‍්‍රමය තුළ තිබෙනවා. අනෙක් අතට දිස්ති‍්‍රක්කයක් පුරා විසිරී සිටින ඡන්දදායකයන්ට සේවය කරන්නේ කෙසේද? මම දන්න ප‍්‍රදේශය තුළ මම දන්න හඳුනන අය සිටිනවා නම් මට සේවය කිරීමේ අපහසුවක් නෑ. ඡන්දදායකයන් ලක්ෂ 7 ක් 8 ක් අතරින් තමයි මම ඡන්ද 81000 ක් ලබා ගත්තේ. 81000 ක් ඡන්දය දුන්නත් පත් වුණාට පසුව නොයෙක් දේවල් කර ගැනීම සඳහා ඊට වඩා විශාල පිරිසක් එනවා. එම නිසා මෙම ක‍්‍රමය ප‍්‍රායෝගික නෑ. එම නිසා තමයි ජේ. ආර්. ජයවර්ධන මහතා කිව්වේ කොට්ඨාසයට යන්න ඕන නෑ කොළඹට වෙලා ඉන්න කියලා. ඡන්දයක් කිට්ටු වුණාම ගවයන් තණ බිමෙන් තණ බිමට යනවා වගේ වෙන ප‍්‍රදේශයකට ගිහින් ඡන්දය දිනා ගන්නවා.
එම නිසා මෙම ක‍්‍රමය වෙනස් කර කොට්ඨාස ක‍්‍රමයට නැවත යා යුතුයි. නමුත් අනුපාත ක‍්‍රමයටත් යම් ඉඩක් ලබාදිය යුතුයි. පැරණි ක‍්‍රමයට රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඡන්දය තිබ්බා නම් අපි කොට්ඨාස 8 ම දිනනවා. එ. ජා. ප. ය කොට්ඨාස 8 ම පරාජය වෙනවා. නමුත් ඒ අයටත් ඡන්දය ලැබිලා තිබෙන නිසා ඒ සඳහා නියෝජනයක් ලබාදිය යුතුයි. එතකොට ඔවුන්ටත් මන්තී‍්‍ර ධුර දෙකක් හෝ තුනක් ලැබෙනවා.
ප‍්‍රශ්නය- ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා 2/3ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවාද?
පිළිතුර- 1982 සම්මත කළ ව්‍යවස්ථාවට පෙර තිබුණ ඡන්ද ක‍්‍රමයට අනුව ජනපි‍්‍රය පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ගන්න පුළුවන්කම තිබුණ. එම නිසා අපි 1970 මැතිවරණයේදී 2/3ක බලයක් ලබා ගත්තා. ඉන් අනතුරුව 1977 පැවැති මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතා 2/3ක බලයක් ලබා ගත්තා.
ජයවර්ධන මහතා පැරණි ක‍්‍රමයට 2/3ක් ලබාගෙන, යළිත් 2/3ක් ගන්න බැරි ක‍්‍රමයක් හැදුවා. දැන් අපිව කාමරයකට දාලා අගුළු දාලා එයා යතුරත් අරන් වළපල්ලට ගිහිල්ලා. එම නිසා අපි දැන් මේ කාමරය කඩාගෙන යන්න ඕනි. මේ ක‍්‍රමය තුළ 2/3ක් නැතිව කඩාගෙන යන්න බැහැ. එම නිසා අපි දැන් මොකද්ද කරන්න ඕනි. අපි දැන් විප්ලවකාරී පියවරක් ගත යුතුයි.
ඒ සඳහා එදා ජයවර්ධන මහතා ගත්ත ඡන්ද ප‍්‍රතිශතය අද අපි ගත්තොත් අපිටත් අයිතියක් තිබෙන්න ඕනි. එයා එදා කරපු දේවල් අද අපට කරන්න ජයවර්ධන මහතාට අයිතියක් නෑ.
2/3ක් ගන්න පුළුවන් ක‍්‍රමයකින් බලයට ඇවිත් 2/3ක් ගන්න බැරි ක‍්‍රමයක් නියම කරලා එම ක‍්‍රමය මගින් 2/3ක් ගන්න ඕනිය කියලා නියම කරන්න.
එම නිසා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත්වන මහජන නියෝජිතයන් සහ පළාත් පාලන සහ පළාත් සභා නියෝජිතයනුත් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී අපි ව්‍යවස්ථා සභාවක් ලෙස කි‍්‍රයාත්මක වන බව ප‍්‍රකාශ කළ යුතුයි. ඒ තුළින් අපි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුයි. අපි ඒ ආකාරයේ විප්ලවකාරී පියවරකට යා යුතුයි.
1972 ව්‍යවස්ථා සම්පාදනය කළෙත් ඒ ආකාරයට තමයි. 1970 මැතිවරණයෙන් අපිට 2/3ක බලයක් ලැබුණා. එසේ වුවත් අපි කිව්වා, එම පාර්ලිමේන්තුවේ 2/3න් නෙවෙයි නව ව්‍යවස්ථාව සම්මත කරන්නේ කියලා. අපි රැජනගේ ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ කියලා කිව්වා. නමුත් එම ව්‍යවස්ථාව පිළිගන්නේ නැතිව පාර්ලිමේන්තුවට යන්න බෑ. එම නිසා අපි එම පාර්ලිමේන්තුවට ගිහින් ව්‍යවස්ථා සභාවක් ලෙස නව රඟහලේදී රැස්වූවා. එම ව්‍යවස්ථා සභාවෙන් තමයි 1972 ව්‍යවස්ථාව සම්මත කළේ. එය විප්ලවකාරී පියවරක්. 1948 දී ඉන්දියාව කළෙත් ඒක තමයි.
ප‍්‍රශ්නය- තවදුරටත් ඔබ ඉදිරිපත් කර තිබෙන යෝජනා මොනවාද?
පිළිතුර- රජය වැඩකටයුතු කරන්නේ නිලධාරී යාන්ත‍්‍රණය තුළින්. එම නිලධාරි යාන්ත‍්‍රණය සහ මහජන නියෝජිතයන්ගේ සම්බන්ධය තහවුරු වන යාන්ත‍්‍රණයක් අපි සකස් කළ යුතුයි. එබඳු යාන්ත‍්‍රණයක් නොතිබුණහොත් නිලධාරි යාන්ත‍්‍රණය හරහා කි‍්‍රයාත්මක වන්නේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති නොවෙයි. කොරෝනා ව්‍යසනය අවස්ථාවේදී මහජන නියෝජිතයන් සම්බන්ධව කළ නිසා තමයි රු. 5000/- ලබාදීමේ වැඩපිළිවෙළ හොඳින් පුළුල්ව කි‍්‍රයාත්මක වුණේ. එය නිලධාරි යාන්ත‍්‍රණයට පමණක් සීමා වූවානම් නොයෙක් ගැටලූ මතුවෙනවා.
එම නිසා නිලධාරි යාන්ත‍්‍රණය සහ මහජන නියෝජිතයන් සම්බන්ධ වන යාන්ත‍්‍රණයක් සකස් කළ යුතුයි. මහජන නියෝජිතයන් මහජනතාව නියෝජනය කරනවා. නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටුකරනවා. එම නිසා මෙම දෙපාර්ශ්වයට දෙපැත්තට වෙලා ඉන්න බෑ. එහි ප‍්‍රතිඵල නිසා තමයි ගෝඨාභය ජනාධිපතිතුමාට මහ බැංකුවේ නිලධාරීන්ට අර විදියට කතා කරන්න සිද්ධ වුණේ. එම ගැටලූවම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් ඇති වූවා. ඊට හේතුව තමයි නිලධාරි යාන්ත‍්‍රණය. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත් වීම එම තත්ත්වය මගහැරීම සඳහා නව යාන්ත‍්‍රණයක් ගොඩනැඟිය යුතුයි.
ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකම සේවකයන්ගේ සභා හදන්න ඕනි. එම සභා මගින් තමයි එම ආයතනවල පැවැත්ම. ජනතා සේවය මෙන්ම එම ආයතන වඩා දියුණු කළමනාකාරීත්වයකට ගෙනි යන්න ඕනි කියන එක තීරණය කළ යුත්තේ. සේවක සභා පිහිටුවිය යුතු බවට අපි යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ වගේම අපි ඉඳුරාම විරුද්ධ දේ තමයි පෞද්ගලීකරණය. නමුත් විරුද්ධ පක්‍ෂයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිය බවට එය පත්වී තිබෙනවා. අපි කියන්නේ සමාජය ගැන රජය වගකිවයුතුයි. ඒකට තමයි රජයක් තිබෙන්නේ. නමුත් අපේ විරුද්ධවාදීන්ගේ අදහස තමයි සමාජය නිදහස් කළ යුතුයි කියන එක. අපි කියන්නේ රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි කියන එක.
ඒ වගේම අපේ රටේ මහජනයාට නිදහස ලබාදෙන්න නම් පළමුවෙන්ම කප්පම්කාරයන්, ප‍්‍රචණ්ඩ පාතාලය, ප‍්‍රචණ්ඩත්වයෙන් සමාජය යටකර ගන්න පුළුවන්කම වහාම අවසන් කළ යුතුයි. ඒ සඳහා නීත්‍යනුකූලව කටයුතු කරන වෙනම බළකායක් අවශ්‍යයි.
ප‍්‍රශ්නය- ඡන්ද ප‍්‍රතිඵලය පිළිබඳව ඔබට තිබෙන්නේ මොනවගේ තක්සේරුවක්ද?
පිළිතුර- රත්නපුර දිස්ති‍්‍රක්කයේ තිබෙන ආසන 8 ම අපි දිනනවා. වෙන වෙනම තරග කළා නම් ආසන අටම දිනනවා. මෙම ක‍්‍රමය තුළ තිබෙන්නේ 7 යි. නමුත් අපි 8 කට යන්න උත්සාහ කරනවා.
එජාපක්‍ෂයේ බෙදීම තුළ එම පක්‍ෂයේ ඡන්ද දායකයන් විශාල කලකිරීමකට පත්වී තිබෙනවා. එම පසුබිම තුළ එක් කොටසක් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. තවත් කොටසක් අපිට ඡන්දය දෙනවා. එම නිසා අපි හිතනවා සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක් වැඩිවේවි කියලා.
ප‍්‍රශ්නය- ඔබගේ පැරණි දේශපාලන මිතුරකු වන වික‍්‍රමබාහු කරුණාරත්න මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරනවා. ඒ මහතාගේ මෙම තීරණය ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර- වාමාංශික ව්‍යාපාරයේ ඉඳලා දකුණට පිණුම් ගහපු පළමු පුද්ගලයාත්, අවසන් පුද්ගලයාත් ඔහු නොවෙයි. වමේ ව්‍යාපාරයේ ප‍්‍රබලයන් වීම තුළින් රටේ කතාබහට ලක්වෙන චරිත බවට පත්වෙනවා. ඊළඟට ඒ චරිතය විකුණනවා. මොකක් හරි ක්‍ෂේත‍්‍රයක කතාබහට ලක්වෙන කැපී පෙනෙන චරිත බවට පත්වෙනවා. ඊට පස්සේ වෙළෙඳපොළේ එම චරිතය ගනුදෙනු කරන්න පුළුවන්. මම ප‍්‍රබල චරිතයක්. මම ඒ පැත්තට ආවොත් මොනවද දෙන්නේ කියලා ගනුදෙනු කරන්න පුළුවන්.
එහෙත් අපිට නම් එහෙම ගනුදෙනුවක් නැහැ. අපි එදත් වමේ ව්‍යාපාරයේ සිටියා. අදත් සිටිනවා. ඒ වගේම මැද මාවතයි, වමේ ව්‍යාපාරයයි එක්ව කටයුතු කරන පොදු කඳවුර තුළත් අපි සිටිනවා. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව එම කඳවුර 1950 ගණන්වල සිට පවතිනවා.
බාහු සහෝදරයා හොඳින්ම දන්නා සත්‍යයට විරුද්ධව අසත්‍යයක් සමග එකතු වී තිබෙනවා. එය ආත්ම වංචනික කි‍්‍රයාවක්.
සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනපි‍්‍රය
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...