එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව වෙනසක් ඇතිකරමින් අද(29) උදෑසන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සිදුකිරීමට ගිය පක්ෂ ප්‍රතිසංවිධානය විශ්වාසභංගයෙන් පසුව ක්‍රියාත්මක කිරීමට අරලියගහ මන්දිරයේදි ඊයේ (28) රැස්වූ එජාප ඇමැති හමුවේදී තීරණයවී තිබේ.
ඒ අනුව සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද උදෑසන පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංගයේදීසහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කිරීම සඳහා පමණක් සීමා වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙයට පෙර එජාපයේ ඉහල තනතුරු රැසක් අද දිනයේ සිට වෙනස් කිරීමට පක්ෂය තීරණය කර තිබිණි. එසේ වෙනස්වන තනතුරු අතර නියෝජ්‍ය නායකයන් තිදෙනෙක් පත්කිරීම, පක්ෂ මහලේකම්ධරය අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාට පැවරීම, පක්ෂයේ ජාතික සංවිධායක ධුරය වෙනස් කිරීම සහ තරුණ නායකයන්ට ඉහළ තනතුරු පිරිනැමීම ඇතුළු යෝජනා රැසක් අඩංගු වේ.
කෙසේ වෙතත් ඊට පෙර විශ්වාසභංග යෝජනාවට මුහුණදිය යුතු යැයි එජාප ඇමතිවරුන් රැසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ පෙන්වා දී ඇත.
ඒ අනුව කලින් සැලසුම් කළ පක්ෂ ප්‍රතිසංවිධානය ලබන මැයි මාසය දක්වාම කල් යා හැකි බව එජාප ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාහ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...