ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂවල සහායද ලබාගෙන 2020 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත්කරන බව බස්නාහිර හා මහනගර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28) දින අනාවරණය කළේය.
එම පොදු අපේකෂකයා ගෙන ඒම සඳහා ප්‍රාදේශිය දිස්ත්‍රික් සහ ජාතික මට්ටමින් සියලු දෙනා සමග අත්වැල් බැඳගන්නා බව ඇමැතිවරයා අවධාරණය කළේය.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව තේරී පත්වු ජාතික හෙල උරුමයේ මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ උත්සව සභාව අමතමින් ඇමැතිවරයා එම අදහස් පළකළේය.
එක්සත් ජාතිකපෙරමුණ සමග සන්ධානගතව ජාතික හෙළඋරුමය පළාත් පාලන මන්ත්‍රි ධුර 36 ක් ලබාගෙන ඇති අතර ඉන් 19 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි.
එහිදී ඇමතිවරයා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයේ සැබෑ වෙනසක් විය යුතුයි. එහෙම සිදු වෙන්නේ නැත්නම් අපි ඒ වෙනස ඇති කරනවා. වයස ඉක්මවූ පුද්ගලයන් ඉවත්කර තරුණ හඩට තැන ලබාදියයුතු කාලය එළැඹී ඇති බව මගේ මතයයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...