රටවල් ගණනාවකට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර ඇති නමුත් බ්‍රිතාන්‍ය වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පනවා ඇති සීමාවන් මෙතෙක් ඉවත් කර නැතැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
තවමත් ශ්‍රී ලංකාවට පියාසර කළ හැක්කේ අත්‍යවශ්‍ය විදෙස් සංචාරවල නිරත වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පමණි.
සිය රට වැසියන්ට ගෝලීය වශයෙන් පනවා තිබූ සංචාරක තහනම් ඉවත් කරමින් පසුගියදා ජූලි 4 වැනිදා සිට ලොව රටවල් 67කට ආරක්ෂිතව සංචාරය කිරීමේ සහතිකය එක්සත් රාජධානිය විසින් ලබාදෙන ලදී.
එක්සත් රාජධානිය පවසන්නේ රටට ඇතුළු වීමේ අවකාශය, ප්‍රවාහන පහසුකම් සහ නිරෝධායන අවශ්‍යතා සලකා බලමින් සංචාරක උපදේශන සීමාවන් අනුක්‍රමණය ලිහිල් කරන බවයි.
දැනට සංචාරක සීමා ලිහිල් කර ඇති රටවල් ලැයිස්තුව නිරන්තරයෙන් සමීප සමාලෝචනයට ලක්කරන බවද මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...