ව්‍යාපාරික පුවත්

කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක්ද වැයවනු ඇතැයි ගණන් බලා ඇත.

අරමුදලේ ස්ථිර සේවකයින් 2330 දෙනෙකුද , අනියම් හා ආදේශක සේවකයින් 230 දෙනෙකු පමණ ද සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තා වෙන්වා දෙයි.

සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක්ම ඔවුන්ගේ වැටුප් හා නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More