දුම්රියකින් රහසිගතව බීජිං කරා ගිය උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් දින 3ක චීනයේ නොනිල සංචාරයක යෙදී සිටින බවට එරට රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
චීනය පවසන්නේ උතුරු කොරියානු නායකයා මෙම සංචාරයේ නිරත වූයේ චීන ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව බවයි. පසුගිය ඉරිදා සිට ඊයේ දින දක්වා කිම් ජෝන් අන් මෙම සංචාරය සිදුකළ බව ද සඳහන් ය. උතුරු කොරියානු නායකයා, බිරිඳ හා ¥ත කණ්ඩායම රැුගත් විශේෂ දුම්රියක් බීජිං වෙත පැමිණ තිබූ අතර එය දැඩි ආරක්ෂාවක් සහිතව බීජිං වෙත ළඟාවී තිබුණි.
එහෙත් එහි පැමිණියේ උතුරු කොරියානු නායකයා ද යන්න සැකපළ කෙරුණේ චීන ජනාධිපතිවරයාගේ පෞද්ගලිකව දැනුවත් වීමෙන් පමණක් මෙම ආගමනය සිදුවීමයි.
කෙසේවෙතත් උතුරු කොරිනු නායකයා අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡුාවක නිරතවීමට සැලසුම් කර තිබියදී ඊට පෙර මෙම නොනිල සංචාරය සිදුවීම පිළිබඳ ලෝකයේ දැඩි අවධානය යොමුව තිබේ. එමෙන්ම මෙම සංචාරයේදී උතුරු කොරියානු නායකයා අමෙරිකාව හා දකුණු කොරියාව සමඟ සැලසුම් පරිදි අපේ‍්‍රල් අග හෝ මැයි මස මුල්භාගය වනවිට සමුළුවට සහභාගි වන බවට ද තහවුරු කර තිබේ.
උතුරු කොරියානු න්‍යාෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සතුරු රටවල් වන අමෙරිකාව හා දකුණු කොරියාව සමඟ උතුරු කොරියානු නායකයා සාකච්ඡුා කරන බවට නිල වශයෙන් තහවුරු කරන ලද ප‍්‍රථම අවස්ථාව මෙයයි. එබැවින් මෙම සංචාරය වඩාත් තීරණාත්මක සංචාරයක් බව පැවසේ.
උතුරු කොරියානු නායකයා මෙලෙස විදෙස් සංචාරයක නිරත වූයේ වසර 11කට පසුව වීම ද විශේෂත්වයකි. කෙසේවෙතත් නොනිල සංචාරයක් බව කියැවුණ ද උතුරු කොරියානු නායකයා චීනයේ ඉහළ පෙළේ දේ්ශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ගණනාවක් සමඟ සාකච්ඡුාවල නිරත වී තිබේ. අමෙරිකාව විසින් ජගත් සංවිධානයට යෝජනා කොට පනවන ලද සම්බාධකවලින් හෙම්බත් වී සිටින උතුරු කොරියාවට ආරක්ෂාවක් අවශ්‍ය බැවින් එ් සඳහා චීනයේ සහය ලබාගැනීමට මෙම රහසිගත සංචාරය සිදුකළ බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
එමෙන්ම උතුරු කොරියාව කිසිසේත් චීනයේ අනුදැනුමකින් හෝ මැදිහත්වීමකින් තොරව අමෙරිකාව සමඟ සාකච්චා පැවැත්වීමේ සූදානමක් නොමැති බවට මෙහිදී තහවුරු වූයේ යැයි ද ඔවුහු පෙන්වා දෙති. සංචාරයේදී තම රටෙහි සංචාරයකට පැමිණෙන ලෙසට උතුරු කොරියානු නායකයා කළ ආරාධනය චීන ජනාධිපතිවරයා පිළිගත් බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...