විදේශ පුවත්

මෙතෙක් ලොව සිවුවැනි වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ ඉන්දියාව දෛනිකව වාර්තා වන එම ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග මේ වන විට කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව සිටී.

ඉන්දියාව සති අන්තයේදී කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව ඇත්තේ මෙතෙක් එම ස්ථානයේ සිටි රුසියාව සිවුවැනි ස්ථානයට පත් කරමිනි. ඉන්දියාවෙන් ඊයේ (06දා* දහවල් 12 වන විට කොරෝනා ආසාදිතයින් හයලක්ෂ අනූඅටදහස් දෙසිය තිස්තුනක් (698,233) වාර්තා වී තිබූ අතර, කොරෝනා මරණ දහනව දහස් හත්සිය තුනක් (19,703* වාර්තා වී තිබිණි. ඉකුත් බ‍්‍රහස්පතින්දා (02දා* සිට ඉන්දියාවෙන් දිනකට කොරෝනා ආසාදිතයින් 20,000 අධික සංඛ්‍යාවක් බැගින් වාර්තා වීමට පටන් ගෙන තිබේ.

මේ අතර මෙතෙක් කොරෝනා ආසාදිත ලැයිස්තුවේ පහළ ස්ථානවල පසු වූ මෙක්සිකෝව, සවුදි අරාබිය, ඉරානය, පාකිස්තානය, තුර්කිය යන රටවල් මේ වන විට වැඩි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීම හේතුවෙන් ආසාදිත ලැයිස්තුවේ පළමු රටවල් 15 අතරට පත්ව සිටී.

ශ‍්‍රී ලංකාව මේ වන විට පසු වනුයේ ආසාදිත ලැයිස්තුවේ 109 වැනි ස්ථානයේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More