දේශීය පුවත්

හානි කරන ලද, විකෘති කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදුන් කාලය ලබන 31 වැනිදායින් අවසන් වන බව මහ බැංකුව පවසයි.

මෙවැනි මුදල් නෝට්ටු ළඟම ඇති බැංකුව වෙත ගොස් වහාම හුවමාරු කරගන්න ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලබන සිකුරාදා (30) බැංකු නිවාඩු දිනයක් බැවින් අද (28) සහ හෙට (29) යන දින දෙකේදී මෙම මුදල් බැංකු වෙත භාරදීමට අවස්ථාව තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි.

විකෘති කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීම සඳහා අවසන් දිනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනි දා කාලය ලබා දී තිබුණි.

එහෙත් ජනතාවගේ ඉල්ලීමට අනුව එම කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට මහ බැංකුව පියවර ගත් අතර මේ මස 31 වැනිදායින් එය අවසන් වේ.

ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් බව පෙන්වා දෙන මහ බැංකුව මුදල් නෝට්ටුවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More